(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
මිතුරාගේ බිරිඳ සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයකු ඇයගේ පහස සොයා යන අතර තුර මිතුරාට අසුවීමෙන් සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.

මෙම පුද්ගලයා රජයේ රැකියාවක් කරන අයෙකි. මිතුරා මුර රැකියාවක නිරත වූවෙකි. අසල්වැසි මිතුරා රාත්‍රී මුර රැකියාවට ගිය පසු මිතුරා එම නිවසට යමින් එමින් එම බිරිඳ සමඟ අනියම් සබඳතාවක් ගොඩ නගා ගත්තේ කාටත් හොර රහසේය.
දෙදෙනා වෙනදාටත් වඩා දැඩි මිතුරුකමක් දක්වමින් ඔවුනොවුන් ඉතා සුහදශීලි, ලෙස නිවෙස් වලටද යමින් එමින් කල් ගෙවන්නට වූයේ අසල්වැසියන් ද පුදුමයට පත් කරමිනි.
මෙසේ කාලය ගෙවී යද්දී මුරකාර මිතුරාට තම මිතුරා ගැන සැකයක් උපදින්නේ මිතුරාගේ සුවඳ විලවුන් සුවඳම බිරිඳ ළගින්ද වහනය වීමෙනි. මේ පිළිබඳව දිගින් දිගටම කල්පනා කළ මුරකාර මිතුරා බිරිඳගේ අනියම් පෙම අල්ලා ගැනීමට උපායක් කල්පනා කළේය.
මෙදින මුර රැකියාවට නිවාඩුවක් දමා නිවසේ සිටි මිතුරා රැකියාවට යන බව පවසා නිවසින් නික්ම ගියේය. අතරමග රැදී සිටි ඔහු අඳුර වැටීගෙන එද්දී ආපසු පැමිණ නිවස ආසන්නයේ වූ කැලෑ රොදක සැඟවී සිටියේය.
ඝන අන්ධකාරය දසත පැතිරෙද්දී තම නිවස දෙසට අඩිපාර ඔස්සේ එන ඡායාව දෙස මුරකාර මිතුරාගේ දැස් යොමුවිනි. මොහු තම මිතුරාම බව අඳුනා ගැනීමට ඔහුට වැඩි වෙලාවක් ගත නොවීය.
කැලෑ රොදින් එළියට ආ මුරකාර මිතුරා පැමිණී පුද්ගලයා තදින්ම අල්ලා බදා ගත්තේ හොරෙක් සේ අඟවමිනි.
“මේ...මේ..කොහේද මං මේ...” මිතුරා නින්දෙන් අවදි වූවෙකු සේ කතා කරන්නට විය.
අප්පේ මචං උඹට හමුවුන හින්දා හොඳයි නැත්නම් දිය කඩිත්තක් පෑගෙන කල්ම මම මේ ගමන යනවා.”
යැයි මිතුරා තම මුරකාර මිතුරාට සත්‍ය වසන් කරමින් රඟපෑමක් කළේය. මෙය තේරුම් ගත් මුරකාර මිතුරා ද ඒ ලෙසම හැසිරෙන්නට වූයේ කිසිවක් නොදත් අයුරිනි.
ඉතිං මචං මාර ලෙඬේනේ මගදි මොකක් හරි අනතුරක් වුණා නම් සතෙක් සර්පයෙක් කෑවා නම් මොනවා කරන්නද යැයි මුරකාර මිතුරා තම මිතුරාට පැවසුයේ තවදුරටත් වැඩි විස්තර දැන ගැනීමේ අටියෙනි.
“ඔව්. බං දැන් මාස 6 ක විතර ඉඳලා මම මේ විදියට හීනෙන් ඇවිදිනවා. අපේ නෝනා තෙත ගෝනියක් දානවා ඉස්සරහා දොර ළඟට මම අද මේ ඇවිත් තියෙන්නේ පිටිපස්සේ දොරෙන්නේ.” යැයි මිතුරා මුරකාර මිතුරාට කියා ඇත.
සියල්ල තම සැකය සනාථ කරමින් සිදුවී ඇති අයුරු වටහා ගත් මුරකාර මිතුරා තම මිතුරාට මෙසේ කීවෙලු.
“මචං අද ගිහින් නෝනට කියපං දොරවල් දෙක ළඟටම තෙත ගෝනි දෙකක් දාන්න කියලා. නැත්නම් උඹට ළඟදීම ලොකු අනතුරක් වේවි.”
එසේ පවසා මුරකාර මිතුරා නික්ම ගියේලු. ඉන්පසු ඔවුන්ගේ ගජ මිතුරුකමට ද තිත තැබී ඇත.
2025 නොවැම්බර් මස 21
171
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
240
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මිතුරාගේ බිරිඳට බැල්ම දාන්න යාළුවා හීනෙන් ඇවිදියි