කුරුණෑගල සිට හලාවත දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි. තරුණිය බස් රථයට නැග්ගේ අතර මගිනි. ඇය හෙට්ටිපොළ යැයි පවසා කොන්දොස්තර මහතාට මුදල් දුන්නාය. ඒ වෙනුවෙන් ඇයට ටිකට් පතක් නොලැබිණි. ඇයට පසුව රථයට ගොඩවූ උදවියට ටිකට්පත් ලැබිණි. තරුණිය කිහිප වතාවක් තරුණ කොන්දොස්තරවරයා දෙසට දෑස් හෙලූවාය. තමා කඩවසම් වූ නිසාවෙන් තරුණිය නිතර නිතර බලනවා යැයි සිතූ කොන්දොස්තරවරයා තරුණියට ඉඟි බිඟි පෑවේය. බසින තැන ආසන්න වූ විට තරුණිය කොන්දොස්තර මහතාට කිට්ටු විය. ”ඇයි මට ටිකට් එකක් නොදුන්නේ” ”ඔයාට ටිකට් ඕන්නෑ” ඕනෑ නම් දැන් දෙන්නම්. බස් එකට නැග්ගම ඔහේලට මුදල් දුන්න බවට අපට තියෙන එකම සාක්ෂිය තමයි ටිකට් එක. ඒකත් නැති වුණාම මගියො අසරණ වෙන බව දන්නෙ නැද්ද? ටිකට් එක දෙන්න කියන්න මම කීප වතාවක් ඔහේ දිහා බැලූවා. මනමාලකම් පෙන්නුවා මිසක් ටිකට් එක දුන්නේ නැහැ. තරුණිය බසයෙන් බසිනවාත් සමගම කොන්දොස්තර තැන ඉස්සරහා දොරටුව වෙත ගියේ පිටිපස සිටි මගීන්ගේ උසුළු විසුළු මැදිනි.