(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සාදයකදී මත්පැනින් සප්පායම්වු තරුණයින් දෙදෙනකු මෝටර් රියක තිබී සොරාගෙන ගිය නවීන පන්නයේ මත්පැන් බෝතල් දෙකකින් මී පැටවුන් මතුවීමේ සිද්ධියක් රාජගිරිය ප්රදේශයෙන් පසුගියදා වාර්තා විය.
කොළඹට නුදුරු ප්රදේශයක යුවළකගේ ඥාතියෙකුගේ නිවසේ පුංචි පහේ සාදයක් සංවිධාන කර තිබුණේ දියණියකගේ වැඩිවිය පැමිණීමේ සතුට නිමිති කරගෙනය. මේ සඳහා සමීප ඥාතීන් මෙන්ම හිතවත්හු පිරිසක්ද එක්ව සිටියහ.
නැගණියත් මළනුවනුත් මෙම සාදයට යාමට සූදානම් වෙද්දී නිවසේ අල්මාරියක සිටි මී පැටවුන් දහයක් පමණ හමුවිය. අපි මේ මී පැටවුන් කොහාටහරි ගෙනහින් දමමු යැයි බිරිය සැමියාට කීවාය. හොඳයි කී සැමියා අරක්කු බෝතල් දෙකක් ගෙනා පෙට්ටි දෙකක් ගෙන පුළුන් අතුරා මී පැටවුන් එහි දැමුයේ ගමනේ යෙදෙන අතරදී කොහේ හෝ දමා එන අදහසිනි.
මෙම පෙට්ටි දෙක මෝටර් රියේ පිටුපස තබා ගමන පිටත්විය. ආපසු පිටත්වීමට සැරසෙද්දී අනේ මල්ලී මගේ මේ යාළුවන් දෙන්නාත් එක්කන් ගිහින් රාජගිරියෙන් බස්සන්නැයි ඉල්ලා සිටියේය. හොඳහැටි සප්පයාම්වී සිටි මිතුරෝ දෙන්නා පිටුපස අසුනට ගොඩවූහ. ආසනයේ තිබූ අරක්කු පෙට්ටි දෙක ඔවුනට දකින්නට ලැබිණි. බමන බතින් සිටියත් ඔවුන් දෙන්නා කිසියම් අදහසකට එකඟවූයේ හොර රහසේ දෑසින් කතා කරමින්ය.
දෙන්නා රාජගිරියේදී මෝටර් රියෙන් බැස ගියේ අරක්කු බෝතල් දෙකක් බවට විශ්වාසයෙන් මීපැටවුන් පාර්සල් දෙක රැගෙනය. පසුව නිදහස් තැනක වාහනය නැවතු යුවළ මී පැටවුන් පාර්සලය විසි කර දමන්නට සූදානම් වුවත් එය එහි නොවීය. සිදුව ඇත්තේ කුමක්දැයි දෙන්නාට අවබෝධ වූයේ පසුවය.
අරක්කු බෝතල් දෙක ගෙන ගිය මිතුරන් දෙන්නා එය රසවිඳින්නට සූදානම් වෙද්දී මී පැටවුන් ඉවතට පැන්නේය. දෙන්නාගේ වෙරි හිඳුණේ ඒ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 04
183
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝතල් පාටිය මීයන් කාලා