තම නිවෙසේ නතරවී සිටි බෝඩිම් කාරයකුගේ පුදුම කතාවක් නිසා නිවෙසට ගෙන එන ආහාර ද්‍රව්‍ය සංශෝධනය කිරීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ බස්නාහිර පළාතේ ප‍්‍රකට අධ්‍යාපන ආයතනයක් අසල නිවෙසකිනි. ගුරු යුවළකට අයත් මේ නිවසේ තම කුඩා දරුවන් දෙදෙනාට අමතරව අසල වූ අධ්‍යාපන ආයතනයේ සේවකයෝ දෙදෙනෙක්ද නේවාසිකව සිටියහ. සිරිතක් වශයෙන් මේ නේවාසිකයෝ ගෙදර දරුවන්ට යම් යම් විෂය කරුණු ද ඉඳහිට ඉගැන්වූහ. මේ නිවෙස් හිමියාගේ ඥාතියකු රුහුණේ ප‍්‍රදේශයේ සිටි හෙයින් කෑමට එළවළු වර්ග ලැබුණේ ඒ ප‍්‍රදේශයෙනි. දිනපතා කෑමට වට්ටක්කා නොඅඩුව ලැබිණි. මේ නිසාම නේවාසිකයන්ට වට්ටක්කා කෑම එපා වී තිබුණි. පසුගියදා එක් දරුවකු බෝඩිම්කාර අයියා කෙනකුගෙන් ඇසුවේ ‘‘ලේවල වැඩියෙන්ම ඇත්තේ මොනවාද?’’ කියාය. තරුණයා අනිකා දෙස බලා එක්වරම කීවේ ‘‘අපේ ඇෙඟ්නම් ලේවල වැඩිපුර ඇත්තේ වට්ටක්කා ජූස්’’ කියාය. මේ කතාව ගෙදර මවුපියන්ට ආරංචි වීමත් සමග දැන් මේ නිවසට වට්ටක්කා ගේන්නෙම නැතිලූ.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd