IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


බෝඩිම ගැන පුරසාරම් සගයන්ට කොකා පෙන්නලා

මරදානේ නේවාසිකාගාරයක සිටින විවිධ ආයතනවල තරුණයන් සිවුදෙනෙකි. එක් අයකු බෝඩිමේ හිමිකාරියට කිසිදා හොඳක් කීවේ නැත. බලපන් අපි ඉන්න කාමරවල හැටි. කුකුළු කූඩු වගේ. කිසිම පහසුකමක් නැහැ. ඒ වුණාට එක් කෙනකුගෙන් දෙදහස් පන්සීය ගානේ ගන්නවා. ආයෙත් වැඩි කළොත් නම් මම යනවා. ඔහු කීය.


අනෙක් තිදෙනා කිසිවක් නොකීවේ කොළඹින් බෝඩිමක් සෙවීම කළුනික සෙවීමටත් වඩා අසීරු බැවිනි. බෝඩිමේ හිමිකාරිය ඊළඟ මාසයේ සිට කුලිය රුපියල් තුන් දහසක් බව පවසමින් රතු එළියක් දැල්වූවාය. පෙරකී මිතුරා අනෙක් මිතුරනට මෙසේ කීය. ”මම බෝඩිමෙන් යනවා. හවස ඔයාලා බොරැල්ලට එන්න. අද මගේ ගානේ චයිනීස් රෙස්ටුරන්ට් එකකින් ඩිනර් එක ගමු.” සවස හයට මිතුරන් තිදෙනා බොරැල්ල මංසන්ධියට පැමිණියේ තිළිණයක් ද රැගෙනය. රාත‍්‍රී හත විය. මිතුරා පැමිණියේ නැත. ඔහුගේ ගමන් කථනයෙන් ද ප‍්‍රතිචාරයක් නොවීය. ”අට වෙනකන් බලමු” අයෙක් පැවසුවේ ඈනුමක් ද අරිමිනි. අටයි තිහ වනතුරු බලා සිටි ඔවුහු තෝසේ කඩයකින් රාත‍්‍රි ආහාරය ගෙන නේවාසිකා ගාරයට පැමිණියහ. කාමරයේ වැලේ තිබූ රෙදි රඳවන ක්ලිප් ද හැන්ගර්ස් ද බෝඩිම අයිති කාන්තාව තාවකාලිකව ඔවුනට ලබා දුන් බෝල කූඩු දෙකද, යනවා යැයි පැවසූ මිතුරාගේ ඇඳුම් බෑගය ද අතුරුදන්වී තිබිණි. වහා තරුණයෝ බෝඩිමේ හිමිකාරිය මුණ ගැසුණහ.


එවිට ඇය,
”ඔයාලා හරි ළමයි තමයි. බලන්නකෝ ”මුනේ” ළමයා යන්න ගියානේ. එයා කීවා බෝඩිම හොඳයි ඒ වුණාට එයා යන්නේ අනෙක් අය හින්දා කියලා. මෙතන සිගරට් බොනවලූ, අරක්කු බොනවලූ. ඒ විතරක්ද ඔයාලා මට හැමවේලේම බනිනවා කියලත් කීවා. පව් අහිංසක ළමයා” ඇය සුසුම්ලමින් පැවසුවාය. මිතුරන් තිදෙනාගේ මුව ගොළු වූයේ ඔවුන් කිසිමදාක ඇයට දොස් තබා නොමැති හෙයිනි. නිහඬව කාමරය තුළට පැමිණි ඔවුන්ගෙන් එක් අයෙක් ”අවංක මොළේ සදා ඇළේ” යැයි පැවසීය.
 



අදහස් (0)

බෝඩිම ගැන පුරසාරම් සගයන්ට කොකා පෙන්නලා

ෂෙරිෆ් Tuesday, 23 July 2013 01:19 AM

බෝඩිමේ ඇන්ටිට බොරු කියපු එකට හිත හදාගන්න පුළුවන්. නමුත් චයිනීස් රෙස්ටුරන්ට් එකකින් ඩිනර් එක ගමු කියලා රස්තියාදු කරපු එකටනම් හිත වාවන්නේ නැහැ. කතාවකට කියනවනේ ගහට ගහක් හමුවෙනවා මිනී පෙට්ටි සාප්පුවේදී කියලා. එදාට මිනිහව අල්ලගන්නයි තියෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 24 July 2013 11:24 AM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට.(නදී)

:       0       0

හේරත් Tuesday, 23 July 2013 04:23 AM

පිනා...පිනා ගසා ගියේය. (නදී)

:       0       0

චින්තක Monday, 22 July 2013 01:19 PM

මේ විදියට හරි එම කපටියගේ ඇසුරෙන් මිදෙන්න සිද්දවුණු එක ගෙන තුන්දෙනාම සතුටු වෙන්න ඕනේ.(ස)

:       0       0

නදීක Tuesday, 23 July 2013 06:20 PM

මේකේ තියෙන්නේ කා ගැනද (අ)

:       0       0

මුනසිංහ Tuesday, 23 July 2013 06:25 PM

අනේ ඔන්න මම කිව්වේ බොරු නෙමෙයි.නමුත් සමාවෙන්න. (නි)

:       0       0

නදීක Tuesday, 23 July 2013 06:26 PM

කවදාවත් නරක වැඩකරන්න එපා අහුවුනාම දුක දැනෙනවා (අ)

:       0       0

සමීර වී. Monday, 22 July 2013 06:24 PM

අපේ නිවාස ලග බෝඩිමේ ඇන්ටි ගමේ යන දවසට හැමෝටම සංග්‍රහ කරලා 4 දෙනාම වෙන වෙනම හමුවෙලා කියනව, සුජි ළමයෝ මට ඔයා විතරයි විශ්වාස මම ගමේ ගිහින් එනකන් ගේ හොදට බලා ගන්න,. අනිත් ළමයි ගැන විශ්වාසයක් නැහැ කියලා. මේ කතාවම අනිත් ළමයින් 3 දෙනාටත් වෙන වෙනම කියනවා. ඇන්ටි ගමේ ගිහින් එනකන් තැඹිලි පොල් වෙනකල් හැමෝම ගේ හොදට බලාගන්නවා ඇන්ටිගෙන් ලකුණු දාගන්න (නි)

:       0       0

ඉසුරු Tuesday, 23 July 2013 06:28 PM

මේක අපිට පාඩමක්. හොද යාලුවෝ ආශ්‍රය කරන්න ඕනෑ. (නි)

:       0       0

පහන් Monday, 22 July 2013 06:24 PM

එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕක තමයි (නි)

:       0       0

විපුල Tuesday, 23 July 2013 01:01 PM

මේක උනේ 2003, යාලුවෝ 3 දෙනෙක් සෙට් වෙලා බෝඩිමක් හෙව්වා, එක්කෙනෙක් තැන හොයාගත්තා, මාසෙට එක්කෙනාගෙන් රු 1500 යි. බෝඩිම හොයාගත්ත කෙනා තමයි බෝඩිමේ ආන්ටි එක්ක ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. මාස කිහිපයකට පස්සේ අර යාළුවා ලෙඩ උන නිසා අනිත් දෙන්නා 4500 ආන්ටි ට දුන්නම තමයි වැඩේ අහුඋනේ, බෝඩිමේ ගාන රු 3000, යාලුවෝ දෙන්නගෙන් 1500 ගානේ අරගෙන අනිකා නිකන් ඉඳල තියෙන්නේ, කැළණි කැම්පස් එකේ වෙචච දෙයක්.(නදී)

:       0       0

පිටිගල Monday, 22 July 2013 06:52 PM

ධනු මහත්තයෝ, එහෙම වුනේ නැහැ. පස්සෙනේ කතාව එලිවුණේ (නි)

:       0       0

උපාලි Monday, 22 July 2013 05:53 AM

මේ තුන් දෙනාට වුනේ අර බයිසිකල් අයිතිකාරයට වෙච්ච දේමයි. අහල ඇතිනේද? එක තරුණයෙක් ගේ ඉස්සරහ පිට එයාගේ බයිසිකලේ නවත්තල තිබුනා. ටිකකින් බලන කොට ඒක නැහැ. හැමතැනම හෙව්වා හමුවුනේ නැහැ. පැයකින් විතර බලනකොට මෙන්න තියෙනවා මිදුලේම. පොඩි ලියුම් කවරයක් තිබුනා ගැටගහලා. එකේ තිබුනේ නගරයට ඇවිත් තිබුන අලුත්ම චිත්‍රපටිය බලන්න යන්න ටිකට් දෙකකුයි, "මගේ දරුවා හදිසියේ රෝහලට රැගෙන යාමට ඔබේ බයිසිකලය අනවසරයෙන් ගෙනි යන්න වුනාට සමාවෙන්න. මේ ඒකට සුළු තෑග්ගක් " කියල තුන්ඩු කල්ලකුයි. තරුණයා නියමිත දවසේ බිරිඳත් සමග චිත්‍රපටිය බලන්න ගියා. ආපහු ගෙදර එනකොට මුළු ගේම සුද්දකරලා. මෙතන නම් ඒ වගේ හානියක් වෙලා නැහැ හොඳ වෙලාවට. (නදී)

:       0       0

මුනසිංහ Tuesday, 23 July 2013 07:29 PM

මම මුනසිංහ නමුත් සමාවන්න (අ)

:       0       0

තරිදු Monday, 22 July 2013 08:32 PM

”අවංක මොළේ සදා ඇළේ'.(නදී)

:       0       0

නාලක Friday, 02 August 2013 11:23 AM

කතාවකට කියනව‍නේ ගහට ගහක් හමු‍වෙනවා මිනී ‍පෙට්ටි සාප්පු‍වේදී කියලා. එදාට මිනිහව අල්ලගන්නයි ති‍යෙන්නේ (නි)

:       0       0

සරත් Tuesday, 23 July 2013 10:08 AM

මම හිටපු බෝඩිමේ ඇන්ටි නම් හරිම හොඳයි. රෑට කමට වයන්ජනත් දෙනවා එය හදපු. තව ටික දවසක් හිටිය නම් දුවත් දෙන්න ඉඳලා තියෙන්නේ. එය ගත්තනම් මම අද නැහැ වගේ තමයි. ඔන්න බෝඩින් ඇන්ටිලා.(නදී)

:       0       0

පිටිගල Monday, 22 July 2013 04:08 PM

අපේ බෝඩිමේ ඇන්ටි එක දවසකට එක්කෙනෙක්ගේ බත් එකේ බිත්තරයක් යට දාල දෙනවා අනික් යට හොරෙන්. අපි ඇන්ටිගේ ගැටේට අහු උනා. හැබයි අන්තිමට අපිට තේරුණා ඇන්ටි එහෙම කලේ මොකටද කියලා. (අ)

:       0       0

චන්දි Monday, 22 July 2013 04:13 PM

උපාලි,ඔයා කිවේ ඇත්ත සිද්දියක්ද..?නැත්නම් සුරංගනා කතාවක්ද..?මොකක් උනත් මාර මොලයක් නේ ...!! (අ)

:       0       0

ධනු Monday, 22 July 2013 04:41 PM

පිටිගල මහතයෝ ඉතින් ඊට පස්සේ මොකද කලේ බිත්තරේ ගිල්ල නේද .අර විසි කල කතාව නම් බොරු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා
2024 ජුනි මස 19 114 0

හතුරාගේ පාදය හතරට කඩන ලෙසට ලබාගත් කොන්ත්‍රාත්තුව පාදය හතරට තියා එකකටවත් නොකඩා ඊට අදාළ මුදල් ලබාගත් අපූරු පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ නගරයකි


මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්
2024 ජුනි මස 18 823 0

කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන


ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්
2024 ජුනි මස 17 1014 0

සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණ


කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා
2024 ජුනි මස 15 950 0

සිය වැඩට පැමිණි කාන්තාවක් යැයි සිතා පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත් වූ මුදලාලී කෙනකු පිළිබඳව උතුරු මැද පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේ


කුඩු අල්ලන්න ගිහින් පොලිසිය ඉල්ලන් කාලා
2024 ජුනි මස 15 695 0

මිරිස් කුඩු පැකට්ටුවකින් පොලිස් නිලධාරීන්ගේ ඉහමොළ රත් කළ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. ඔහුට පොලිස් නිලධාරීන් ඇලජික්ය. පොලිස්


සොරාගත් මාලය ගෑනු ගැටයෙන් එළියට
2024 ජුනි මස 15 356 0

අසල්වැසි කාන්තාවක් විසින් සොරා ගන්නා ලද සිය රන්මාලය පොලිසියට නොගොස් උපක්‍රමයකින් ලබාගත් කාන්තාවක පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මාන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1345 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3064 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2511 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site