හොල්මන් පාට් ඇට් කළ තරුණයෙකි. මළ ගෙදරක රාත‍්‍රි කාලයේ අතුරු සිදුරු නැති තරමට සෙනඟය. ඔවුන්ගෙන් පිරිසක් ප‍්‍රදේශයේ යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්කරුවකු හොල්මන් අවතාර ගැන කියන කතාවකට ඕනෑකමින් සවන් දෙමින් සිටියහ. තරුණයෙක් ද ඒ පිරිස අතරේ සිටියේය. හොල්මනක ප‍්‍රධාන ලක්ෂණය තමයි ඇසිපිය නොගැසීම. එහෙම වෙලාවට බියවෙන්න එපා. ඉතිපිසෝ ගාථාව සිහිකරන්න. හොල්මන අතුරුදන් වෙනවා කට්ටඬියා කීවේය. පිරිසේ සිටි තවත් කෙනෙක් ඊට සවන් දුන්නේ ඇස් ලොකුකරගෙන බිය මුසු ප‍්‍රතිචාර දක්වමිනි. තරුණයා ඔහුගේ බයේ තරම දුටුවේය. විහිළුවක් කරන්න ඕනෑ යැයි සිතුවේය. ඔහුගේ ගමේම වැඩිහිටියකු නිසා තරුණයා පාළු පෙදෙසකදී තනිව ඔහු හමුවනතුරු බලා සිටියේ දින දෙකක් පමණි. වෙලට ගොස් ආපසු නියර දිගේ ගෙදර එන ඔහු දුටු තරුණයා වහාම ඔහු එන පෙර මගේ ඉදිරියට යද්දී මුහුණට මුහුණ හමුවිය. වෙලට ගියාද? තෙල් පොහොර ගැහුවද තරුණයා ඔහුගෙන් විමසයි. වැඩිහිටියා උත්තර දෙමින් තරුණයාගේ මුහුණ දෙස බලා ඇස් ලොකු කර ගත්තේය. තරුණයා ඇසි පිය නොගසයි. අවතාරයක් යැයි බිය වූ වැඩිහිටියා තරුණයාගේ මුහුණ පුරා වේගවත් අතුල් පහරක් එල්ල කළේ බය වැඩි කමටය. අම්මෝ කියාගෙන ඇද වැටුණ තරුණයා දනි පනිගා නැගිට පැළ ගොයම පොඩිකරගෙන දිව්වාලූ. (ගොඩගම පී. වීරසිංහ, ගොකරැුල්ල)
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන් රවට්ටන්න හදන අයට ඔහොම තමයි වෙන්න ඕනී.
පුවත් පතක් විදියට අපිට බලන්න පුලුවන් ලංකාවේ තියෙන එකම පත්තරේ ලංකාදීප විතරයි
ඔහොම තමයි කරන්න ඕනා
බොරු හොල්මනට වැදුණු පාරට හොල්මන් වෙන්න ඇති.