(වියලුව වාර්තාකරු)
නිර්නාමික දුරකතන ඇමතුමක් ඔස්සේ තම ගම්මානයේ පවත්වාගෙන යන කසිප්පු තිප්පොළක් පිළිබඳ ඔත්තුවක් පොලිසියට ලබාදුන් කාන්තාවක එය වැටලීමෙන් පසුව එහි තම සැමියාද සිටින බව දැන යළිත් පොලිසියට ඇමතුමක්දී ඔහු නිදහස් කරන්නැයි ඉල්ලා හඬා වැටුණු බව කියැවෙන පුවතක් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.
එය කන්දකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් දුෂ්කර ගම්මානයකි. මේ වන විට පවත්නා ඇඳිරි නීතියත් මත්පැන්හල් වසා තිබීමත් නිසා ගමේ බොහෝ දෙනකු සිය අවශ්‍යතා ඉටුකර ගනු ලැබුවේ ගමේ කසිප්පු තිප්පොළට රිංගීමෙනි.
මෙම වසංගතයට එරෙහිවූ කාන්තාවක පසුගිය දිනක නිර්නාමික ඇමතුමක් දී කන්දකැටිය පොලීසියට දැනුම් දී ඇත්තේ මේ වන විටත් කසිප්පු තිප්පොළ පාරිභෝගිකයන්ගෙන් පිරීගොස් ඇති බවකි.
ලද තොරතුරු ඔස්සේ වැටලීම සිදු කළ පොලිස් නිලධාරීහු එහි සිටි හය දෙනකු අලෙවි කිරීමට තිබූ කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කටයුතු කළෙන් පවත්නා නීතිමය තත්ත්වය යටතේ ඔවුන්ට ගැලවීමට කිසිදු ඉඩක් නොතිබුණි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් පිරිස් අතර තම සැමියා ද සිටින බව දැනගත් කාන්තාව පෙර පරිදිම දුරකතන ඇමතුමක් දී පොලිසියට කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස අතර තම සැමියා ද සිටින බවත් කසිප්පු තිත්පොළ පිළිබඳ දුරකථන ඇමතුම ලබා දුන්නේ තමන් බවත් ය.
ඇය සිදු කර ඇත්තේ හොඳ කටයුත්තක් වුවත් වරදකදී එය සැමියාට ද සෙසු පිරිසට ද එකසේම බලපාන බව පහදා දුන් පොලිස් නිලධාරීන් කාන්තාවට පවසා ඇත්තේ සැමියා ඇතුළු පිරිසට ඇප ලබාදිය හැකිමුත් නඩුවක් පැවරීමට සිදුවන බවකි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
782
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොලිසියට ඔත්තු දීලා අන්තිමේ නාහෙන් අඬාවැටෙන්න වෙලා