විශ‍්‍රාමික ගුරු මවකට බැංකුවේදී හමුවූ පෙර ආත්මයේ පුතා නිසා අලි අකරතැබ්බයකට මුහුණපෑමට සිදුවූ පුවතක් මෙසේ වාර්තා විය.එදින විශ‍්‍රාම වැටුප් ගෙවන දිනයයි. විශ‍්‍රාමික ගුරු මාතාව මුදල් ගැනීමට අවශ්‍ය පෝරමය පුරවා කවුන්ටරයට දුන්නාය. ලියන්න ගත්ත පෑනත් තවම සුරතේය. ජැන්ඩි පහට යුරෝපීය ඇඳුමෙන් සැරසුණ තරුණයෙක් ඇය අමතා අම්මේ ප්ලීස් පෑන දෙන්නකෝ මට පෑන ගේන්න බැරිවුණා යැයි පැවසීය.ඇය මෙන්න පුතා පෑන කියා සිනාවකින් ද සංග‍්‍රහ කර ඔහුට පෑන දුන්නාය. යමක් අත්සන් කළ තරුණයා තෑක්ක් යූ අම්මේ කියා පෑන දුන්නේ විනීත ලෙස ආචාරශීලී වෙමිනි. බැංකුව තුළ වූ සිදුවීම එපමණකි.විශ‍්‍රාම වැටුප ගෙන අත්බෑගයේ දමාගත් ගුරු මාතාව බැංකුවෙන් පිට වූවාය. යළිත් ගේට්ටුව අසලදී අර තරුණයා ඇය ඉදිරියේ පෙනී සිටියේය. අම්මට මාව අඳුනන්න පුළුවන් ද? අර පෑන ඉල්ලූවේ මමනේ. මට අම්මා දැක්කම පුදුම සෙනෙහසක් ඇති වුණා. අම්මා පෙර ආත්මයේ මගේත් අම්මා වෙලා ඉන්න ඇති කියා හිතෙනවා ඔහු අසීමිත සෙනෙහසකින් සුරතල් වෙමින් පැවසීය. පුතේ එහෙම සංසාර පුරුදු තිබෙනවා, ඔය පුතා මොකද කරන්නේ යැයි ඇය ඇසුවේ උතුරා යන දරු සෙනෙහසක් පෙන්වමින්ය.අම්මේ මම මැඩිකල් කොලේජ්, මේ සෙකන්ඞ් ඉයර් එක. මේ මගේ ටෙලිෆෝන් නොම්මරේ. ඉතින් යන්කෝ තේ එකක් බොන්න මගෙ හොඳ අම්මනෙ ඔහු කීවේය. යංකො පුතේ මං ඕන් සල්ලි දෙන්නේ ගුරු මව පැවසුවේ මගෙ දරුවෝවත් මෙහෙම නෑ යැයි සිතමිනි.කිරි තේ එක පානය කළ ගුරු මව පුතේ මට කලන්තේ වගේ කීවාය. ඒත් සමඟ සිහි සුන්ව ඇද වැටුණාය. අම්මට අසනීප වෙලා මුදලාලි මම ඩොක්ට ගාවට යන්න වීල් එකක් ගේන්නම් කියා තරුණයා පාරට දිව්වේය. යළි ආවේ නැත. කඩ හිමියා ඇයට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට කටයුතු කළේය. පියවි සිහිය ලැබුණ පසු ගුරු මවට තරු පෙනුණේ විශ‍්‍රාම වැටුප අතුරුදන් වී ඇති බැවිනි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මා කියන නමත් මදල් ඉදිරියේදී හෑල්ලු කරවන ජාතියක්