IMG-LOGO

2025 ජනවාරි මස 26 වන ඉරිදා


පෙම්වතිය පාන් ඉල්ලලා

ජංගම දුරකතනයෙන් හඳුනාගත් පෙම්වතිය හමුවීමට ගිය තරුණයකු පෙම්වතිය හමු වූ පළමු දිනයේ ම පෙම වැව් තාවුල්ලේ තබා පණ බේරාගෙන පැමිධෑමේ පුවතක් සීගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සිද්ධිය මෙසේය පෙම්වතා සංචාරක හෝටලයක සේවකයෙකි. ගම කැකිරාවේය. පසුගිය දින ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබිණි. එය වැරදීමකිනි. වැරදීමක් වුවත් එම දුරකතන ඇමැතුම ලබා දුන් තරුණියකැයි සිතිය හැකි කාන්තාව සමග ඇයි හොඳැයි කමක් ඇති කර ගත්තේය. කාලය මෙසේ ගෙවිණි. මිස් කෝල් එක ආදර සම්බන්ධයක් දක්වා දුරදිග ගියේය.

තරුණයා කිසිදා නොදුටු සිය පෙම්වතිය දැකීමේ ආසාවක් ඇතිවිණි. ඒ අනුව පෙම්වතා පෙම්වතියට යෝජනාවක් කළේය. අපි මුණ ගැසෙමු යනුවෙනි. තැනක් හා දිනයක් ද නියම කරගත්තේය. ඒ රජරට ප්‍රදේශයේ වැවක් අසලදීය. තරුණයාට දැන් බොහොම සතුටුය. හෝටලයේ වැඩකරන තම සගයන්ටද මේ බව කීවේය. ඒ සඳහා රැගෙන යන තෑග්ග ගැනද ඔවුන්ගේ උපදෙස් ගත්තේය. ඒ අනුව වටිනාකමක් ඇති චොකලට් එකක් ගත්තේය.

තෑග්ග හොඳින් අසුරාගත් එම තරුණයා කතාකරගත් පරිදි නියමිත දින වැව අසලට ගියේය. පෙම්වතිය ද පැමිණ සිටියාය. පෙම්වතා හමුවූ පෙම්වතිය තම අත වූ තෑග්ග පෙම්වතියට දිගු කළේය. පෙම්වතිය ද සතුටින් බාරගෙන මෙනවාදැයි විමසුවාය. පුංචි තෑග්ගක් යනුවෙන් පෙම්වතා පැවැසීය. එම තෑග්ග එම ස්ථානයේ දීම ගලවා බැලූ_ පෙම්වතිය පුදුමයට පත්විය. ඇය පෙම්වතා අමතා මෙසේ කීවාය.

බොලං අයියණ්ඩි මෙච්චර වියදම් කරල චොකලට් එකක් ගෙනාවේ ඇයි රුපියල් 65ක් දීලා පාන්ගෙඩියක් ගෙනාවා නම් වැව් බංටෙකේ ඉඳගෙන අපිට බඩ පිරෙනකම් කන්න තිබුණා යැයි කීවාය. පෙම්වතා වැඩි වේලාවක් කතා කළේ නැත. මට ඉක්මණට වැඩට යන්න තියෙනවා යැයි පවසා ඉක්මණින් මාරු වූයේ තම කුළුඳුල් ආදරය වැව් තාවුල්ලේ තබාය.

(අරුණ එස්. කුමාර) 



අදහස් (0)

පෙම්වතිය පාන් ඉල්ලලා

යෝනක Monday, 12 September 2016 06:51 AM

අනේ පවු අහිංසකී!

:       0       0

සමන් මිනුවන්ගොඩ Monday, 12 September 2016 06:44 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා.

:       0       0

මෙන්ඩිස් Wednesday, 07 September 2016 05:18 AM

ඇත්තෙන්ම නියම පෙම්වතියක් ඇය! (නි)

:       0       0

සුජෟ Wednesday, 07 September 2016 12:43 PM

බොලන් පොඩි නංගී,ලූනු ගෙඩියක් වත් නැතුව නිකාම්ම පාන් කන්නේ කොහොමෙයි...? (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 07 September 2016 05:17 AM

වැවු තාවුල්ලේ පාන් ඉල්ලපු ගමන් කොල්ලා හිතුවද දන්නේ නැහැ අමනුස්ස දුවක් කියලා, අර මෝහිනී වගේ. මොනවා වුණත් තමන්ගේ පෙම්වතා උපයන දේ ගැන සළකන හිතන යුවතියක්. අද ඉන්නෙම කොල්ලව හූරගෙන කන කෙල්ලොනේ. ඒ අතරේ මේ තරුණිය අදහන්න වටිනවා. අම්මපා! නොම්මරය ඉල්ලගන්න විදියක් නැද්ද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සුජීව Wednesday, 07 September 2016 05:28 AM

කෙල්ල ලස්සන නැතිව ඇති නැතිනම් මෙම අයියන්ඩි කෙල්ල දාලම එයි එහෙමනම් බොලං පොඩි නංඟී ටිකක් හිටපන් මම කෙටි නිවාඩුවක් දාලා එනකම් අනේ මෙහෙම දේවලුත් අහන්න ශ්‍රිලංකාවේ අපි ඉපදුනානේ (බ)

:       0       0

කලුතර - කරූ Sunday, 11 September 2016 12:31 PM

නාලක හරි. ඔය හා සමාන කතාවක් සමාජයේ කලක පටන් තියෙනවා. රූපවතී නෝනගේ අදහස හොදයි. මමනං හිතන්නෑ දැං අව්‍යජ ගැමියෝ ඉන්නවා කියලා. (ර)

:       0       0

අනුරාධ Thursday, 08 September 2016 03:24 AM

අයියෝ පවු අවංකකම පෙන්වන්න ගිහින් වෙලා තියෙන දේ! (නි)

:       0       0

නලින් Saturday, 10 September 2016 09:12 AM

මම නම් හිතන්නේ කොල්ලාව කෙල්ල දැක්කහම මාව එපාවෙන්නම දෙන්නම් කියලා, එහෙම කියන්න ඇති. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 07 September 2016 06:05 AM

එතකොට කෙල්ල ටෙලිෆෝන් එකෙන් කතා කළේ වෙනස් විදිහකටද? මොකද නැත්නම් මුණ ගැහිලා කතා කරනකොට විතරක් බය වෙන්නේ. (බ)

:       0       0

රූපවති Wednesday, 07 September 2016 02:03 PM

අද පාට පාට සුරංගනා ලෝකවල සිහින මාලිගා තනන බොලද බාල පරපුර ..දකින්නේ ..ග්‍රාමීය ගොවි පවුලක සැබෑ ගැමි ජීවිතේ ..හරියට වනේ ජීවත්වෙන වනසතුන්ගේ ගානටයි ..එත් ගමේ ඇති දැඩි වුණ ඒ පරිසරයේ ජීවත්වෙන මිනිසුන්ගේ හදවත්වල තියෙන සැබෑ මිනිස් ලෙන්ගතුකම රුපියල් මිටිවලට මැදි වූ ටයි කෝට් පැළදගෙන අව්‍ කන්නාඩියෙන් සමාජය දෙස බලන්න වෙහෙසෙන මිනිසුන්ගේ හදවත්වල තියෙන්නේ කුහක කමින් පිරිණු ..පුහු මානයෙන් උදුම්මාගත් තමා ගැන පමණක්ම සිතන ආත්මාර්ථකාමී මිනිසුන් වීම පුමයක් නොවේ ..? (අ)

:       0       0

රූපවති Tuesday, 13 September 2016 01:06 PM

පිටබැද්දර ජයා මහත්තය එහෙනම් අන්න අර 7 වෙනි පිටුවේ ඉන්න දරුවට "සනීපයි -පියා තුතිපුදයි" කියන ලියුම කියවල ඇවිත් ...?අර ..තවත් පොඩි දරු පැටියෙක් ඉන්නවා පත්තරේ ඒ කෙලිපැටියටත් .. උදව් වක් කරලා එන්න ..?මම අර ලස්සන කුරුල්ලෙකුගේ නමක් තියෙන ගමේ .. බව ඔයාල දන්නවනි ..?(අ)

:       0       0

අශෝක Tuesday, 06 September 2016 07:08 PM

බලන්න ඇය කෙතරම් අව්‍යාජ පෙම්වතියක්ද? (නි)

:       0       0

ජයසිරි Thursday, 08 September 2016 08:48 AM

අපරාදේ චොකලට් එකට ගිය සල්ලි එක කන්නත් බැරි වෙන්න ඇති (ම)

:       0       0

රූපවති Wednesday, 07 September 2016 02:26 PM

පිටබැද්දර ජයා මහත්තය කතරගම ගිහින් කවද්ද අවේ.බස් එක වැරදිලා පාරේ යන බස් එකකට ගොඩවෙලා කිලෝමීටර් ගානක් දුර ගිහින් කියල අපි ..නිව්ස් වලින් දැක්ක.ඇති යාන්තම් ආපසු ගමට ගෙදරට ඇවිත් ඉන්නවා කතරගම වන්දනාවේ ගිහින්.? (අ)

:       0       0

හිමාල් Wednesday, 07 September 2016 07:01 AM

පොඩි අවුලක් තියෙනවා. කෙල්ල මෙච්චර කල් කතා කරේ වෙන විදිහකටද? පිරිමි ළමයා කැකිරාවේ. වැඩ කරන්නේ සීගිරියේ. ඒ පැතිවල ඔහොම කතා කරන එක සාමාන්‍ය දෙයක්. (ම)

:       0       0

අබය Tuesday, 06 September 2016 11:19 PM

අනේ බොලං මලයණ්ඩියේ, නුඹට හොඳ අරපිරිමැස්මක් ඇති දැරිවියක් ලබන්න වාසනාවක් නැහැ වගේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 13 September 2016 04:01 AM

අනේ අපුච්චේ මම මක්කට නගාට ඉරිසියා කරනවද ඔහේ ? (බ)

:       0       0

රාධා Wednesday, 07 September 2016 12:12 AM

බොලං පොඩි නංගි ටිකක් හිටපන්... (නි)

:       0       0

ටිකිරි Wednesday, 07 September 2016 04:05 PM

පවු අහිංසක පෙම්වතී! (නි)

:       0       0

මලික් Wednesday, 07 September 2016 04:48 PM

එකත් එකට හැට පැනපු ආන්ටි කෙනෙක් වෙන්න ඇති. ඔන්න ඔහේ ටෙලිෆෝන් නොම්මරේ අපේ පිටබැද්දර උන්නැහේට දීලා දාන්න (නි)

:       0       0

ගුණවර්ධන Wednesday, 07 September 2016 05:34 PM

කෙල්ලගේ ජීවමාන ඡායාරූපය ඔබට හිතාගන්න පුලුවන්ද? පානුත් එපා, චොක්ලටුත් එපා, ඉක්මනට මාරුවෙමි

:       0       0

ජනහිත Wednesday, 07 September 2016 02:54 AM

නංගි එහෙම වුණාට ජංගම දුරකථන තමයි භාවිතාව. අයියණ්ඩිට හොඳ පාඩමක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 10 September 2016 06:11 AM

රූපවති නගාගෙ අදහස නම් හරිම ඉහළයි. හිසනමා ආචාර කරනවා. ගමේ ගැමි සුවඳ නාඳුනන තරුණ පරපුරක්නේ අපට ඉන්නේ. (නි)

:       0       0

නාලක Friday, 09 September 2016 11:36 AM

මේක බොරු කතාවක්,,, මෙව්වා කියවල ඇත්ත කියල කියල හිතන ගොන්නුත් ඉන්නවනේ (ම)

:       0       0

ප්‍රියන්ත Wednesday, 07 September 2016 04:18 AM

ජනහිත ඇයි මොකක්ද නංගිගේ වැරැද්ද ! භාෂාව මොකක් වුනත් ෆෝන් පාවිච්චි කරන්න පුළුවන් !! නංගී කතා කරලා තියෙන්නේ පිරිසිදු සිංහල. බොරු සෝබන පොෂ් කෙල්ලෝ විතරද ෆෝන් ගන්නේ (බ)

:       0       0

විජේතුංග Thursday, 08 September 2016 07:39 AM

පව් අනේ ඒ නංගි. මම නම් කීයටවත් එහෙම කෙනෙක් අතහරින්නේ නැහැ (නි)

:       0       0

රූපවතී Monday, 12 September 2016 06:12 AM

ලංකාදීප පුවත්පත මගේ පින්තූරයක් 27 වෙනි බදාදා පළකළා. අසරණ දරුවෙකුට උදව් කරපු හෙයින් ඒකට ස්තුති කරලා. වෙනදට මට කතාකරන පිටබැද්දර ජයා මහත්තයා ඊර්ෂ්‍යාවටද මන්දා මට නිකමටවත් කතාකළේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

ජැන්ඩියට ඇදලා රන් ගේමක් දීලා
2025 ජනවාරි මස 24 711 1

රන් බඩු සාප්පුවේ රන් මුදුව මුදල් නොගෙවාම තමන් සතු කර ගැනීමට රන්වන් රන් ගැටයක් ගැසූ කතක පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


වැලි මාළු දෙන්න ගිහින් හොඳවයින් අහලා
2025 ජනවාරි මස 23 889 0

හෙතෙම දරුවන් හත් අට දෙනකුගේ පියෙකි. මාළු විකුණා එදිනෙදා ජීවිතය සරි කර ගන්නා මොහු දරු පවුල රැක ගැනීමට නොයෙකුත් උත්සාහයන් ගන්නේය. මොන ප්‍රශ්න තිබුණත් ඉඳ


කාසි කැටය වාෂ්ප වෙලා
2025 ජනවාරි මස 22 680 0

කැටයකට සිල්ලර කාසි එකතුකළ පුද්ගලයකුගේ කාසි කැටය හදිසියේ හමාගිය සුළඟකට හසුවී ගසාගෙන ගිය අරුම පුදුම සිද්ධියක් ගැන දකුණු පළාතේ අග නගරයෙන් අසන්නට ලැබු


කණ්ණාඩි කුට්ටමට රෙදි ගලෝගෙන
2025 ජනවාරි මස 21 953 2

කණ්ණාඩි කුට්ටමක හුටපටයක් හේතුවෙන් බස් රථයක් තුළ ගුටිකෙළගත් අඹුසැමි යුවළක් පිළිබඳ සිද්ධියක් කොළඹ සිට ශ්‍රීපුර දක්වා ධාවනය වන මගී බස් රථයකින් අසන්නට ල


වැරදිලා අතගෑවිලා කොසු පහර කාලා
2025 ජනවාරි මස 20 908 0

ජංගම ස්මාර්ට් දුරකතනයේ නොදන්න යූ ටියුබ් නාලිකාවක් අතපත ගාන්න ගොස් බිරියගෙන් කොසු පහර කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍ දිසාවේ වතුගෙදරින් අසන්නට ලැබ


මංගල තෑග්ගට විද්ද උපාසකගේ රෙදි ගැලවෙයි
2025 ජනවාරි මස 18 746 0

සදාචාරවත් රටක් ගොඩනැගීම සඳහා හොරකම වංචාව නැතිව යහපත් සිතිවිලි ඇතිව කටයුතු කිරීම පුරවැසියන්ගේ යුතුකම යැයි නිතර දේශනා කරන උපාසකයකු රට කපටි වැඩක් කර මා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 20 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 560 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 654 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site