(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තමාට පෙම්වතා රැගෙනවිත් තිබූ පලතුරු මල්ලෙන් අලි අමාරුවක වැටුණු පෙම්වතියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබුණේ මේ ඊයේ පෙරේදාය.
ඇය සේවය කළේ ඇඟළුම් කම්හලකය. එම ඇඟළුම් කම්හලේ බොහෝ දෙනකුට කොරෝනා ආසාදනය විය. ඒ අතර ඇයද වූවාය. ඔවුන්ගෙන් බොහෝදෙනා ප්‍රතිකාර සඳහා නේවාසිකව සිටියේ එකම ප්‍රතිකාර මධ්‍යස්ථානයකය.
මෙහි ප්‍රතිකාර ලබන ඇඟළුම් සේවිකාවන්ට සිය පෙම්වතුන් මෙන්ම හිතවත් අය විවිධ ආහාරපාන ගෙනත් දුන්හ. ඒ කට්ටියත් සමගම බෙදා හදාගෙන කෑමටය. මේ බව ඇය සිය පෙම්වතාටද දැනුම් දුන්නාය. ආ ඉන්නකෝ කවුරුත් නුදුන්නු හොඳ නැවුම් පලතුරු මල්ලක් මම ඔය අයට බෙදාගෙන කන්න ගෙනත් දෙන්නම් යයි ඔහු කීවේ තමන්ද සිය පෙම්වතියට හොඳට සලකන බව රට්ටුන්ට පෙන්වීමටත් එක්කය.
කී පරිදි ඔහු පලතුරු මල්ලක් සිය පෙම්වතියට ලැබීමට සැලැස්සුවේය. ඇපල්, මිදි වැනි විදෙස් පලතුරු මෙන්ම දිවුල්, කෙසෙල්, බෙලි, පේර, අලි ගැට පේර, අන්නාසි වැනි මෙරට පලතුරුද ඊට ඇතුළත් වී තිබුණි. ඇය ඒවා භාර ගත්තේ සිය පෙම්වතා ගැන ලොකු ආඩම්බරයක්ද සහිතවය. ඒ බව රට්ටුන්ට පෙන්වීමට මෙන් සිය යෙහෙළියන්ටද ලැබුණු පලතුරු මල්ලම නොඅඩුව ඇය බෙදා දුන්නාය.
බෙදාදුන් මේ පලතුරුවලින් කෙසෙල් ගෙඩි වල උඩ කොටස කපා තිබුණු ඒවා බවත් යෙහෙලියෝ දුටහ. එමෙන්ම ඇතැම් කෙසෙල් ගෙඩි වල ඉරටු කෑලි වලින් ඇන තිබූ තැන් ද දක්නට ලැබිණ. සමහර පලතුරු කහ දියරයෙන් සෝදා කහ පැහැය ගොස් කහ පැහැයද තැන් තැන්වල තිබෙනු දක්නට ලැබිණ. මේ පලතුරු මල්ලේ තිබූ පලතුරු පිළිබඳව යෙහෙළියන් ඇය දැනුම්වත් කළ විට ඇයට පොළව පලාගෙන යන්න තරම් ලජ්ජාවක් ඇතිවූයේ ඔහු මේ ගෙනැවිත් තිබෙනුයේ ඔහුගේ මිතුරකුගේ දේවාලයට රැගෙනවිත් තිබූ පූජා වට්ටිවල පලතුරු බව පසක්වීමෙනි.
‘‘කොහොමද උඹේ බෝයි ෆ්‍රෙන්ඩ් අපිට ගෙනත් දුන් පලතුරු මල්ල’’ යයි යෙහෙළින් අසනවිට ඇය එතනින් ලිස්සා යන්නේ ඇඟට නොදැනුවත්වය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් දෙන අශ්වයාගේ දත් බලනවා කියන්නේ මේ වගේ ගෑණුන්ට තමයි. අර දෙන්නම තමන්ට ලැබුණු දේ බදාගෙන කන්නේ නැතුව බෙදාගෙන කන්න ගිය නිසානේ මේ අවලම් කතා...