IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නංගී නාවනවා කී විට මිතුරෝ තෑගිත් අරන් ඇවිත්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
නංගී නාවනවා කියූ විට තෑගිත් අරන් ගෙදර දුවගෙන ඇවිත් ලැජ්ජාවට පත් වූ මිතුරන් පිරිසක් පිළිබඳව එක්තරා ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.


ඔහු ගමට අලුතින් පැමිණි තරුණයකි. ගමට ආ සැනින් ඔහුට මිතුරන් රැසක් හමුවිය. ඔහුගේ අලුත උපන් නංගීත් සමඟ මවත් පියත් ජීවත් වී ඇත.


ගමේ අලුත් මිතුරන් මොහු පිළිබඳව වැඩිපුර තොරතුරු දැන සිට නොමැති අතර ඔහුගේ නිවස තිබෙන ඉසව්ව දැන තිබේ. කෙසේ වෙතත් කලින් කතා කර ගත් පරිදි අඩියක් ගැසීමට තම අලුත් මිත්‍රයා පැමිණීමට ප්‍රමාද වීම නිසා එක් මිතුරෙකු ඔහුට දුරකථන ඇමැතුමක් ලෙබා ගෙන ඇත. 


මචං අද උඹ එන්නේ නැද්ද? යැයි එම මිතුරා ඇසූ විට අලුත් මිතුරා ‘මචං අද අපේ නංගි නාවනවා’ යැයි කියනවත් සමඟම ඉතුරු හරිය කීමට අවස්ථාවක් නොදුන් මිතුරා ‘උඹ මාර බඩුවක්නේ. හිටපන් සාදයක් ලෑස්තිකරපන්. දුරකථන ඇමතුම විසන්ධි කර ඇත.


පසුව අඩි ගැසීමට හොයා ගත් මුදල් වලින් තෑගි ගත් මිතුරන් අලුත් මිතුරාගේ නිවසට ගොස් ඇත්තේ අඩු වියදමින් වැඩිපුර වෙරි වීමටය. එහෙත් නිවසට ගිය විට කාරණය අවබෝධ වී ලැජ්ජාවට පත්වුණාලු. ‘මචං මම කියන්න හැදුවේ අද අපේ අම්මා නංගීව නාවනවා කියලා මල්ලී බලා ගන්න කියලා මට කිවුවා. පොඞ්ඩක් පරක්කු වෙයි කියලා කියන්න හැදුවේ. කෝ උඹලා මට කියන්න දුන්නේ නැහැනේ’ යැයි අලුත් මිතුරා පිළිතුරු දී ඇත.



අදහස් (0)

නංගී නාවනවා කී විට මිතුරෝ තෑගිත් අරන් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site