IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දේශපාලක බොස්ගේ පාටියට ගිහින් ටවුමම සුද්ද කරන්න වෙලා

(ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර)
මංගල උත්සවයකට සහභාගී වන අයුරින් හොඳට ඇඳ පැළැඳගෙන නගරයක තිබූ පෝස්ටර් ගැලවීමට එක්තරා තරුණ පිරිසකට  වූ සිදුවීමක් පිළිබඳව දකුණේ ප්‍රසිද්ධ නගරයකින් වාර්තා විය.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. එක්තරා ගමක තරුණ පිරිසක් පසුගිය ජනාධිපතිවරණයේදී එම දිස්ත්‍රික්කයේ සිටි ප්‍රධාන දේශපාලන බලවතා හා එක්ව ඔහුට සහයෝගය දක්වමින් මැතිවරණ කටයුතු සිදුකළහ. මේ නිසා එම දේශපාලනඥයා හා එම තරුණ පිරිස අතර ලොකු බැඳීමක් ද ඇතිවිය.


ජනාධිපතිවරණයෙන් එම පක්‍ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු මෙම දේශපාලනඥයාට කිසියම් පදවියක් ලැබෙන බවටද ආරංචි පැතිර ගියේය.


මේ අතර එක් දිනක් මෙම දේශපාලනඥයාගෙන් තරුණ පිරිසට පණිවුඩයක් ලැබුණේය. ඒ එතුමාගේ කාර්යාලයට යන ලෙසය.


‘ෂුවර් එකටම පාටියක් වෙන්න ඇති. කාර්යාලයට එන්න කිව්වට ටවුමේ කොහේ හරි හෝටලේක තමයි පාටිය ඇත්තේ, ඒ නිසා අපි හොඳට ඇඳගෙන යමු’ තරුණ පිරිස කතා කර ගත්හ.


ඒ අනුව නියමිත දිනයේ මංගල උත්සවයකට යන අයුරින් හොඳට ඇඳ පැළඳගෙන එක් තරුණයකු සතු වාහනයෙන්ම ඔවුහු දේශපාලනඥයාගේ කාර්යාලයට ගියහ.


ඔවුන්ගේ ගමන ගැන ගමේ තව පිරිසක් විමසූ විට ඔවුන් කියා සිටියේ බොස්ගේ පාටියකට යන බවය.


කාර්යාලයට ගිය තරුණ පිරිස සිනහමුසු මුහුණින් ඉතා සුහදව පිළිගත් අතර තවත් පිරිසක් විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය.


පණිවුඩ ලැබූ සියලුම පිරිස පැමිණීමෙන් පසු දේශපාලනඥයා ඔවුන් අමතා කියා සිටියේ ‘නව නායකයාගේ සංකල්පයකට අනුව නගර සියල්ලම පිරිසුදුව තබාගැනීමට කටයුතු කරන බවය. ඒ නිසා අපද සියල්ලෝම සමඟ නගරයට ගොස් එහි ඇති දැන්වීම් පෝස්ටර් ගලවා දමා නගරය පිරිසුදු කරමු’යැයි ඔහු යෝජනා කළේය.


එම යෝජනාවට අනුව සියලුම දෙනා නගරයට ගොස් නගරයේ පෝස්ටර් ගලවා දමමින් නගරය පිරිසුදු කරද්දී මේ කණ්ඩායමේ එක් තරුණයකු අනෙකාට කීවේ. ‘ගමේ කවුරුවත් අද ටවුමට නාවොත් හොඳයි, ආවොත් එහෙම අපේ කාඞ් කුඩු’ යනුවෙනි.


පසුව මේ ගැන දැනගත් ගමේ කිහිපදෙනෙකු අර තරුණයන්ගෙන් කොහොමද එදා පාටිය කියා විමසන විට ඔවුන්ගේ මුහුණු ඇඹුල් වූ බව කියති.

 



අදහස් (1)

දේශපාලක බොස්ගේ පාටියට ගිහින් ටවුමම සුද්ද කරන්න වෙලා

Perera Wednesday, 04 December 2019 10:03 PM

තවම පාටිය පටන්ගත්ත විතරයි, "පාටියේ" නියම "සංග්‍රහය" පටන්ගත්තාම පාටිය කොහොමද කියලා එළිපිටම අපිටම පෙනේවි.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site