IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තණමල්විල පොල්පලා බී මව පිස්සු නටලා

(උණවටුන ඩි.ජී.සුගතපාල)
ගාල්ල ප්‍රදේශයේ පවුලක පිරිසක් තණමල්විල ඥාති නිවෙසකට නෑගම් ගියහ. තණමල්විල පවුලේ අයද කලකින් පැමිණි ඥාතින් සාදරයෙන් පිළිගෙන උපරිම අයුරින් සංග්‍රහ කිරීමට අමතක නොකළහ. පවුල් දෙකේ තාත්තලා රාත්‍රී  කාලයේ උණුසුම් වෙමින් රට තොට ගැනද දේශපාලනය ගැනද උස් හඬින් කතා කරන්නට වූ අතර අම්මලා කාමරයට වී තම දරුවන් ගැන ආඩම්බරයෙන් කතා කරන්නට වූහ. 


“අපේ දුව නම් කැම්පස් එකේදිම ඔන්න කොල්ලෙක් යාළු කරගෙන ඉන්නවා. හැබැයි දැන්ම කසාද බඳින්න බැරිලු‍. තව ටිකක් කල් ඉන්න ඕනලු‍” ගාල්ලේ මව පැවසුවාය.


“ඒකට ඔන්න අපේ ලොකු එක්කෙනා. රස්සාවකුත් නැති හාදයෙක් යාළුකරගෙන ඉන්නවා. හැබැයි කොල්ලගෙ පැත්තේ අය නම් කැමතියි කියල පණිවුඩයකුත් එවල තිබුණා.” තණමල්විල මව පැවසුවාය. 


මධ්‍යම රාත්‍රියද පසුවන තුරු සුහද සතුටු සාමිචියේ යෙදි සිටි ඥාතින් නින්දට ගියේද මහත් සොම්නසිනි.


පසුදින අවදිවු ගාල්ලේ ඥාතිහු අවට පරිසරය දැකබලා ගැනීමේ අදහසින්  එළියට ගියහ. “බලාගෙන ඇවිදින්නේ සත්තු ඉන්නවා” නිවැසියන්ගෙන් ලැබුණේ අනතුරු හැඟවීමකි. වටපිට ඇවිදින ගමන් ගාල්ලේ මව සරුවට වැවී තිබුණ පොල්පලා ගස් රැසක් ගලවා ගත්තාය. “මුත්‍ර අමාරුවලට පොල්පලා හරිම ගුණයි” ඇය දරුවන්ට කීවාය.


තණමල්විල ගමන සතුටින් නිම කළ පිරිස ආපසු ගාල්ලේ නිවසට පැමිණියහ. මව පසුදින තණමල්විල සිට ගෙනෙන ලද පොල්පලා තම්බා බීවේ මුත්‍ර පිරිසිදුවන බව පවසමිනි. එහෙත් මුත්‍ර පිරිසිදු වීම කෙසේ වෙතත් එය පානය කර ටික වේලාවක් යනවිට ඇයගේ හැසිරීම් රටාවේ වෙනසක් දැකගත හැකි විය.


ඇය වරෙක නොනවත්වා සිනාසෙන්නට වූ අතර තවත් වරෙක නිහඬව බලා සිටින්නට වූවාය. ඇස් රතු වී තිබිණ. දියණිය බියට පත්ව මේ බව පියාට කීවාය. අම්මා තණමල්විලින් ගෙනා පොල්පලා බිවූ පසු අමුතු වී ඇති බව දියණිය පියාට කීවාය.


පියා ඉක්මනින් පැමිණ කුස්සියට ගොස් පොල්පලා තැම්බු හැලිය බැලු‍වේය. ඉතිරිව තිබූ අමු පොල්පලා මිටියද පරීක්ෂා කළේය. සිදුව ඇති දෙය ඔහුට පැහැදිලි විය. ඔහු පොල්පලා සමග තිබූ ගස් කිහිපයක් ගෙන දියණියට පෙන්වා “මේවා අර තණමල්විල වැවෙන තහනම් ගස්” පියා එම ගස් කුමක්ද කියා දියණියට කියා දුන්නේය. පොල්පලා ගස් සමග එම තහනම් ගස් ද තිබී ඇති බව ඔවුනට තේරුණේ පසුවය. මේ අතර මව ද තද නින්දකට වැටී සිටියාය.



අදහස් (3)

තණමල්විල පොල්පලා බී මව පිස්සු නටලා

දිමුත් Tuesday, 08 September 2020 04:59 AM

ඒක වෙන්න බැරි වැඩක්නේ. ෂුවර් එකටම ඒ තහනම් පැල වේලලා බීලා. නැතුව තම්බලා බිව්වා වෙන්න බැහැ.

:       16       107

ranja Tuesday, 08 September 2020 07:19 AM

කංසා තේ නේද බීලා තියෙන්නේ...?

:       0       11

chinthana Thursday, 10 September 2020 04:41 AM

පොල්පලා හා කංසා හාත්පසින්ම වෙනස් ශාක දෙකක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site