”මෙය රාගම දුම්රිය ස්ථානයයි. පළමුවන වේදිකාවට දැන් පැමිණි ශීඝ‍්‍රගාමී දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ. එය නවත්වන්නේ මරදාන සහ කොළඹ කොටුව” මෙසේ විකාශය වූයේ රාගම දුම්රිය ස්ථානයේදීය.
රාගමින් පිටත්වූ දුම්රිය විනාඩි තිහක් ඇතුළත දී මරදාන දුම්රිය ස්ථානයේ නවත්වා පසුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නැවැත්වීය. මගීන් විශාල සංඛ්‍යාවක් පිටවන දොරටුවලින් ගමන් කළ අතර පිටවන දොරටු අසල ප‍්‍රවේශ පත්ර පරික්ෂා කිරීම සඳහා කිසිදු නිලධාරියෙකු එදින නොසිටීම පුදුමයට කරුණක් විය.
”කෝච්චියේ ටිකට් නැතුව යන අයටත් දවසක් වෙන් කරලා වගේ” මගියෙක් තවකෙකුට පැවැසීය. මෙය සෙනසුරාදා දිනෙක උදේ වරුවේ සිදුවූවකි.
- ක‍්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සිටිනුයේ අවංක පුරවැසියන් බැවින් දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්ර පරික්ෂා කිරීම අවශ්‍ය නොවේ.
පසුගියදා දුම්රිය වර්ජන වලින් පීඩාවට පත් වූ මහජනයාට, දින කීපයක් දුම්රියේ නොමිලේ ගමන් කිරීමට ඉඩ දීමේ ප්‍රශ්නයක් මා දකින්නේ නැහැ.