දකුණු පළාත් සභා අපේක්‍ෂකයෙකි. ගාල්ල දිස්ත‍්‍රික්කයට තරග කරන ඔහු පසුගිය දා තම ප‍්‍රචාරක පත‍්‍රිකා මිටියක් ආධාරකරුවකුට දී කැබ් රථයක් ද කුලියට සපයා ඒවා ගාල්ලේ කඳුකර ප‍්‍රදේශයේ උපනගරයක අලවන ලෙස කීය. මේ සඳහා කම්කරුවන් දෙදෙනකු ද සැපයීය.
රාත‍්‍රිය පුරා වැඬේ කිරීමට ගිය ඔහුට හැන්දෑවේ දුරකථන ඇමැතුමක් ආවේ බිරියගේ පියාගෙනි. හම්බන්තොට මහ ගෙදරට සිය කුළුදුල් දරුවා ලැබීමට ගිය සිය බිරිඳට පුතකු ලැබී ඇති බව පියාගෙන් දැනගත් ඔහු උද්දාමයට පත්ව තම සගයින් ගේද අනුමැතිය ඇතිව රාජකාරිය පසුවට කල්දමා රක්වාන පාරෙන් හම්බන්තොට ගියේ පළාත් සභා අපේක්‍ෂකයාට ද හොරෙනි.
මහගෙදර දී සතුට වැඩි කමට සගයින් සමග මධු සාදයකට ද එක්ව ආපසු එන අතරතුර ගාලූ දිස්ත‍්‍රික් සීමාවේ දී රාජකාරිය මතක් වූ ඔහු නිදිමතේ පෝස්ටර් මිටිය සෙවීය.
අඩ නින්දේ සිටි සගයකු ‘‘සර් අපි එහේ දීම ඒ වැඩෙත් කළා. දැං ඔහොම යං’’ කීමෙන් ඔහුට තරු පෙනිණි. ගාල්ලේ ඇලවිය යුතු පෝස්ටරය හම්බන්තොට ඇලවීමේ ආරංචිය ලොක්කාට ඒ යැයි බියෙන් ඔහු ලබන 29 වනතුරු ඇඟිලි ගනිමින් සිටිනවාලූ.
2025 දෙසැම්බර් මස 04
548
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
488
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේ අලවන්න දුන් ඡන්ද පෝස්ටර් හම්බන්තොට අලවලා
සිරියලතා Thursday, 20 March 2014 02:09 PM
හම්බන්තොටිනුත් ඡන්ද ටිකක් ගන්න පුළුවන් වෙයි. (ත)
අබේසිංහ Thursday, 20 March 2014 02:09 PM
හොද කට්ටියක් නේද ? (ත)
කුමාරි Thursday, 20 March 2014 02:40 PM
දරුවා ලැබුන සතුටට උතුර දකුණ මාරු වෙලාද? (අ)
චන්ද්‍ර වීරසිංහගේ Friday, 21 March 2014 08:27 AM
තව සිංහලයකු අමාරුවට පත් වුනවිට කුරිරු ලෙස හාස්‍යයට ලක් කිරීමේ වානර ගතිය හනුමාගෙන් පැවතෙන්නන් හට තවමත් ඇත. (නදී)
චන්දි Friday, 21 March 2014 12:32 PM
කොහොමත් එකයි කියලා වෙන්නැති හම්බන්තොට කියන්නෙත් දකුණම නේ (දිල්)
හංසිකා Friday, 21 March 2014 05:32 PM
වානර ගතිය දකුණට සීමා වෙලා වගේ කතා කරන්නේ චන්ද්‍ර උතුරේද? (නදී)
ලතා Thursday, 20 March 2014 10:52 PM
උතුර දකුණ මාරු වෙන්නේ මේක මාට්ටු උන දාටයි (දී)
වීරසිංහ Thursday, 20 March 2014 10:52 PM
එහෙයි මෙයි දෙපැත්තෙන්ම චන්දෙ ලැබෙනවා නම් හොදයි නේ (දී)
චන්දි Sunday, 23 March 2014 10:11 PM
හංසිකා අප සියලු දෙන වානර පරම්පරාවෙන් එන උදවිය .ඒ නිසා අත්තෙන් අත්තට පැන යන පුරුද්ද අපිට උරුමයි . (නදී)