(කතරගම - කේ.ඩී. දේවප්‍රිය)
පවතින වාතාවරණය හමුවේ නිවෙසක ගේට්ටුවක එල්ලන ලද බෑගයක් මුල්කර ගෙන ආරක්ෂක අංශ වෙත යෑමට තිබූ අපූරු පුවතක් වඳුරකු නිසා වැළකී ගිය කථාවක් කතරගම ප්‍රදේශයෙන් වාර්තා විය.

කතරගම පෙරගිරිගම නිවෙසකි. මෙම නිවෙසේ සිටි පිරිස අඟහරුවාදා දින කතරගම සති පොළ වෙත ගියේ නිවෙසේ දියණියක් හා අසල්වැසි තවත් තරුණියක් සිටියදීය.
සවස 3 ට පමණ අදාළ නිවෙසේ ගේට්ටුවේ තරමක විශාල කළු ඉටි බෑගයක් එල්ලා තිබෙන අයුරු නිවෙසේ සිටි පිරිස දකින ලදී.
රටේ තැනින් තැන ඇති අභිරහස් පාර්සල් ගැන නිතර දැනුම්දෙන පුවත් පිළිබඳව නිරායාසයෙන් අවදියෙන් සිටිය යුතු නිසා දැනුම්වත්ව නිවෙසේ සිටි තරුණිය වහා සති පොළට ගිය අම්මාට මෙම පුවත ඇගේ ජංගම දුරකතනයෙන් කතා කර පවසා ඇත.
මෙම සිදුවීම ඇසූ ඇය වහා තවත් පිරිසක් සමඟ නිවෙසට පැමිණියත් අදාළ බෑගය එල්ලා ඇති ගේට්ටුව ඇරීමට නොහැකි නිසා මෙම බෑගය සම්බන්ධ ආරක්ෂක අංශ දැනුම්වත් කළ යුතු බව එතැනට එක් රොක්වී සිටි පිරිස පැවැසූහ.
හදිසියේ මෙම ස්ථානයට පැමිණි වඳුරකු අදාළ බෑගය කඩාගෙන ගොස් ගසක් උඩට ගැනීමේදී බෑගයේ තිබූ කොස් මදුළු එකින් එක වැටීමට පටන්ගෙන ඇත.
පසුව මෙම බෑගය පිළිබඳ කරුණු අනාවරණය විය. අසල්වැසි කාන්තාවක් විසින් තම නිවෙසේ කොස් ගසකින් කඩාගත් කොස් ටිකක් බෑගයක දමා අදාළ නිවෙසට රැගෙන පැමිණියත් නිවෙස වසා තැබීම නිසා මෙම කොස් බෑගය ගේට්ටුවේ එල්ලා ගිය බව දැන ගන්නට ලැබුණි.
වඳුරා විසින් කොස් මල්ල රැගෙන නොයන්නට මෙම ස්ථානයට ආරක්ෂක අංශ ද පැමිණ නිකරුණේ කාලය කා දැමීමට ද තිබුණි.
2025 නොවැම්බර් මස 04
423
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2193
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගමක් ඇවිළෙන්න ගිය අවුලක් වඳුරෙක් ඇවිත් ලිහයි