වෙළෙඳ සැලකින් රුපියල් 150 කට භාණ්ඩ මිලට ගෙන දුන් රුපියල් පන්සීයේ ඉතිරි මුදල හිඟන්නකුට දීමේ පුවතක් මහනුවරට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
එය මහනුවර නගරයට නුදුරින් පිහිටි ගම්මානකි. එහි ඇති මධ්‍යම ප‍්‍රමාණයේ කඩයකි. නිතරම ගනුදෙනුකරුවන් නොපැමිණෙන හෙයින් කඩයේ හිමිකරු පමණක් එම කඩයේ වෙළෙඳ කටයුතු කරගෙන යයි. මෙම සිද්ධිය වූ දින එක් ගනුදෙනුකරුවකු පැමිණ වෙළෙඳසලේ ඉස්සරහ කොටසේ සිට රුපියල් 150කට බඩු ගෙන රුපියල් 500 කොළයක් දුන්නේය. මේ අවස්ථාවේ වෙළෙඳ සලේ හිමිකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණු අතර එය කනේ තියාගෙනම ඔහු මුදල් ලාච්චුව අසලට ගියේ රුපියල් 500 මාරු කර 150 ලබාගෙන ඉතිරි මුදල් ලබාදීම සඳහායි.
ඒ අවස්ථාවේ මුදල් ලාච්චුව අසලට පැමිණි යාචකයකු අත දික් කළේය. දුරකථන ඇමතුමේ එල්ලී සිටි වෙළෙඳසල් හිමියා තමා ඉදිරියේ සිටින්නේ තමන්ගෙන් බඩු ගත් ගනුදෙනුකරු යැයි සිතා ඔහුගේ ඉතිරි රුපියල් 350ම ඔහුට දුන්නේය.
යාචකයා එය ලබාගෙන ක්ෂණයෙන් මාරුවිය. ටික වේලාවකින් දුරකථන ඇමැතුම අවසන් කළ වෙළෙඳසල් හිමියාට තම ගනුදෙනුකරු තවමත් වෙළෙඳසල ඉදිරියේ රැුඳී සිටින අයුරු දැක ඇයි දැයි ඇසීය. එවිට ඔහු තමන්ගේ ඉතිරි මුදල් ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේදී කුමක් හෝ වැරදීමක් සිදුව ඇති බව දැන ගත් ඔහු ඒ පිළිබඳව සොයා බැලීමේදී තමන් ඉතිරි මුදල් දී ඇත්තේ යාචකයකුට බව දැන ගන්නා විට ඔහු ඇසට නොපෙනෙන දුරකට ගොස් සිටියේය.
පාරිභෝගිකයාට ඔහුගේ ඉතිරිය දෙද්දී කඩහිමියාගේ මුහුණේ සතුටක් නම් නොවීය.
COMMENTS
දුරක.නය හොඳක් වගේම වසංගතයක් තමයි.එත් කණකින් අහගෙන හිටියාට ඒ මුදලාලිගේ ඇස් දෙකම සාක්කුවේද?මොන වැඩේ කලත් යහපත් සිහියෙන් කරන්න කියලා අපිට අපේ ලොවටම උතුම් ගුරුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ.(දිල්)
එකම වෙලාවට වැඩ දෙක තුනක් කරන්න ගියාම එකක්වත් හරියට කරන්න බෑ කියන්නේ ඕකට තමා.(දී)
මුහුණේ සතුටක් කොහේ දකින්නද පාඩුවක් නේ උනේ නේද අනේ.(නදී)
ලංකාවේ සමහර වෙළෙන්දන් ගනුදෙනුකරුවන්ට සලකන්නේ ""කරදරකාරයෙක් ඇවිත්"" වගේ හැගීමකින් . ඔව්න්ට තේරෙන්නේ නැහැ තමාගේ වෙළදාම රඳා පවතින්නේ ගනුදෙනුකරුවන් මත බව. සමහර අය මේකට ජාතිවාදයත් එකතු කරනවා.ඔව්න් කියන්නේ සිංහල නොවන වෙළඳුන් හරිම කට්ට මිනිස්සු. කවුරුහරි කඩේට ආපුවම බොරුවට ගරු නම්බු දීල කතාකරනවා, බොරු හිතවත්කම් පෙන්වනවා කියලයි නමුත් ඇත්ත කතාවනම් ඒ මිනිසුන්ට තේරෙනවා තමන් ජීවත් වෙන්නේ පාරිබෝගිකයා නිසා, ඒ නිසා පාරිබෝගිකයාට හොදට සැලකිය යුතුයි කියල. (දී)
සම්මා සතිය නැති උනාම ඔහොම වෙනවා(දී)
දුරකථනය ඔලුව විතරක් නෙමේ මිනිස්සුන්ගේ මුළු ජීවිතයම අවුල් කරනවා . (දී)
මොනවා කරන්නද ඔබත් පින් අනුමෝදන් කරගන්න. ඉතිරි සල්ලි ගැන හිතන්න එපා (දී)
කෙසේ වෙතත් සින්ගන්නා මෙම මුදලාලිට දෙන පින් වලින් මුදලාලිට යහපතක් සිදු වෙයි . සිත හොඳින් නෙමේ උවත් එය දුන්නේ නොදෙනුවත් කමින් උවත් . ලැබිය යුතු කෙනෙක් එය ලබා තියෙන්නේ (දී)
සමහර අය බලන් ඉන්නේ අනිත් අයට වරදින තුරු (දී)
හිගන්නේකුටවත් කීයක්වත් දෙන්නැති අයට හොද පාඩමක් (දිල්)
කඩ කාරයින්ගේ මුහුණේ සතුටක් තියෙන්න මුහුණක් තියෙන්න එපාය.(දී)
ටෙලිෆෝනය නිසා මිනිසුන් මුහුණ දෙන අකරතැබ්බ ලියන්න ජීවිත කාලයත් මදි. (දී)