මහවැලි ගං ඉවුරේ වන ලැහැබක රහසිගතව සඟවා තිබූ ගෝඩා බැරලයක් පානය කළ වල් අලියකු ඉන්පසුව ගෝඩා බැරලය ඇතුළු එහි තිබූ ආම්පන්න පාගා පොඩි කර දමා ගං ඉවුරේ යකා නැටූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
හොර රහසේ කසිප්පු පෙරීමේ නිරත වූ කිසියම් පුද්ගලයෙකු පසුගිය දිනෙක මහවැලි ගං ඉවුරේ වන ලැහැබක ගෝඩා බැරලයක් පල්වීමට ඉඩ හැරියේ නියමිත පදම පැමිණි විට ප්‍රයෝජනයට ගන්නටය.
ගෝඩා බැරලය සඟවා තැබුවද ඉන් පිටවන සුවඳ වසන් කිරීමට ඔහුට නොහැකි විය. එහෙත් එම ප්‍රදේශයට ඔහු හැර කිසිවෙකුත් නොපැමිණෙන නිසා ගෝඩා බැරලයට අතුරු ආන්තරාවක් සිදුවූයේද නැත. එහෙත් අභාග්‍යයකට මෙන් පසුගිය දිනෙක මහවැලි ගං ඉවුරේ ගැවසුණු වල් අලියෙකුට ගෝඩා බැරලයේ ඉව වැටුණේය.
ඉව ඔස්සේ පැමිණි වල් අලියා බැරලයේ තිබූ අමුතු පානය උගුරට දෙකට හිස් කළේය.
ඉන් නොනැවතුණු අලියා ගෝඩා තිබූ බැරලය පමණක් නොව ඒ අවට තිබූ තවත් භාජන කීපයක් ද උපකරන සඟවා තිබූ වන ලැහැබද පාගා කුඩු පට්ටම් කර දැමුවේ කසිප්පු පෙරන්නාට රුපියල් දහ පහළොස් දහසක් පාඩු කරමිනි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඩා නැතුවත් ඔය පිස්සු කෙලින්නේ වල් අලි.....(බ)
කසිප්පු ගහලා අපේ සිංහලයෝ පිස්සු නටනකොට මේවත් වැඩද? (නි)
දැන් ගෝඩා වලටත් බද්දක් ගහයි...(බ)