IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොල්ල කල්ලියක් අල්ලන්න ගමට ආ පොලිස් නිලධාරීන්ට පොලිස් යතුරුපැදිවල අංක දීලා

කොල්ලකල්ලියක් පිළිබඳව සොයා බැලීමට ගිය පොලිස් නිලධාරීන්ට පෙර දින රාත්‍රියේ සාමාන්‍ය ඇඳුමින් ජංගම මුර සංචාරයෙ යෙදුණු පොලිස් නිලධාරීන් පැමිණි යතුරුපැදිවල අංක ලබාදීමේ පුවතක් පසුගියදා වෙන්නප්පුව පොලිස් වසමෙන් වාර්තා විය.


වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ කොල්ලකෑම් කීපයක් සිදුවීම නිසා පොලිස් නිලධාරීන් එම ගම අවට නිතර තොරතුරු සෙවීමත් උපදෙස් ලබාදීමත් සිදු කර ඇති අතර ගමට පැමිණෙන නාඳුනන පුද්ගලයන් හා යතුරුපැදි සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසද ගම්වාසීන් දැනුම්වත් කර තිබේ.


එක් දිනෙක රාත්‍රියක සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනකු එක් කොල්ලකෑමක් පිළිබඳව අවට නිවෙස්වලින් තොරතුරු විමසමින් යන අතරතුර මැදි වයස පසුකළ කාන්තාවන් දෙදෙනකු සිටි නිවසටද ගොස් තොරතුරු විමසා ඇත. එහිදී කාන්තාවන් දෙදෙනාට පොලිස් නිලධාරීන් පරිස්සමින් හා අවදානයෙන් සිටින ලෙසත් වටපිටාව ගැන හා මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන් පිළිබඳව සෙවිල්ලෙන් සිටින ලෙසත් යම් සැකයක් තිබුණහොත් පොලිසියට දන්වන ලෙස පවසා පිටත්ව ගොස් තිබේ.


පසුදින නැවත එම ප්‍රදේශයේම තොරතුරු සෙවීමට ගිය අවස්ථාවේ කාන්තාවක් පැමිණ තමන්ගේ නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ආ බවත් එම පුද්ගලයන් දෙදෙනා ආ යතුරුපැදිවල අංකය ලියාගත් බවත් එම දෙදෙනා විමසූ කරුණු නිසා සැකයක් ඇති වූ බව පවසා කොළ කැබැල්ලක් පොලිස් නිලධාරීන්ට දී තිබේ. ලියාදුන් එම අංක පිරික්සීමේදී එම අංකවල යම් හුරුපුරුදුකමක් දැනුණු නිසා තමන් ආ යතුරුපැදි දෙස බැලීමේදී පොලිස් නිලධාරීන්ට දෙලොව සිහිවුණාලු. ඒ එම කාන්තාව ලියා දී ඇත්තේ කොල්ලකරුවන් ගැන තොරතුරු සෙවීමට තමන් ගිය යතුරුපැදිවල අංක හේතුවෙනි.


සැබෑ තත්ත්වය පිළිබඳව කිසිවක් එම කාන්තාවට නොපැවැසූ පොලිස් නිලධාරීන් එම කාන්තාවන්ගේ විමසිලිමත්භාවය පිළිබඳව ස්තූති කර නැවත කවුරුන් හෝ නිවසට ආවහොත් එලෙසම කටයුතු කරන ලෙස උපදෙස් දී වෙනත් රාජකාරියකට ගිය බව වාර්තා විය. 

(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)

 



අදහස් (0)

කොල්ල කල්ලියක් අල්ලන්න ගමට ආ පොලිස් නිලධාරීන්ට පොලිස් යතුරුපැදිවල අංක දීලා

සෑම් Wednesday, 15 February 2017 06:38 AM

මම ගෙයක් මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කර තිබියදී කිහිප වතාවක් ඒ ගෙදර පැත්තේ කරක් ගැසුවා. ඕස්ට්‍රේලියාවේ තියන නේබහුඩ් වොච් නමින් හඳුන්වන අසල්වැසියන් ආරක්ෂා කිරීමේ සංවිධානයේ පිරිසක් මගේ කාර් එකේ නොම්මරයත් සැකකටයුතු එකෙක් ලෙස ලියාගෙන පොලිසියට දීලා. පොලිසියෙන් මගෙන් කෝල් කරලා ඇහුවා. මම කිව්වාම 'ඔව් මම ඒකෙන් ගෙයක් ගත්තා' තව මාසෙකින් විතර පදිංචියට යනවා කියලා. එතකොට මට පොලිසියෙන් කිව්වා ඉතාම හොඳ ආරක්ෂාකාරී පැත්තක්. දැනටමත් මම ඒ පැත්තේ කරක් ගහනවා කියලා මගේ කාර් නොම්මරේ පොලිසියට දීලා කියලා. මගේ අසල්වැසි මහලු ජෝඩුවක් තමයි මේක කරලා තියෙන්නේ. අපි හමුවුණාම තාමත් මේ ගැන කියලා හිනාවෙනවා (නි)

:       0       1

ජනහිත Tuesday, 14 February 2017 11:44 PM

නියම ඔත්තුවක් දීලා තියෙන්නේ. ඇත්තනේ! ඒ මනුස්සයා කියපු විදිහට වැඩ කරලනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site