IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කිරිපිටි ගැටලුව ලිහාගන්න මනාලයාට එළදෙනක් බඳින්න වෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
යෝජිත විවාහයක මනාලයාගේ පවුලේ අය මනාලියගේ නිවසට පෙර ගමන් ගියේ දෙපාර්ශ්වයම ඒ සඳහා කැමැත්ත පළ කිරීමෙන් පසුවය. එහෙත් එහිදී කතාබහට ලක්වූ කිරි පිටි ප්‍රශ්නයක් නිසා මනාලිය මේ විවාහය ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් වාරියපොළ පැත්තෙන් අසන්නට ලැබිණි.


ඇය අගනුවර විදේශීය ආයතනයකට සම්බන්ධ ගිණුම් ලිපිකාරිණියකි. විවාහ අපේක්ෂිත තරුණයා ප්‍රදේශයේම ආයුර්වේද වෛද්‍යවරියකගේ පුතෙකි. එදින නිවසට ඒමෙන් පසු තේ පැන් සංග්‍රහයකින් ප්‍රබෝධමත් වී දිවා ආහාරයද ගැනීමට පෙරාතුව දෙපිරිස අතර සුහද සංවාදයක් ඇතිවිය. දැනට පවතින ඉන්ධන ගැටලු හා සීනි කිරිපිටි ගැටලුවද සාකච්ඡාවට බඳුන් වූ අතර ආයුර්වේද වෛද්‍යවරියක වූ යෝජිත මනාලයාගේ මව කීවේ කිරිපිටි මිල ඉහළ දැමීම ගැටලුවක් නොවන බවය.


‘‘මට දරුවො හතර දෙනයි. මේ ආවෙ බාලයා. මේ දරුවො හතර දෙනාටම මම එකම පිටි කිරි හැන්දක් පොවල නෑ. ඉස්කෝලෙට යන තුරුම මව් කිරි දුන්නෙ. දැන් ඉන්න අම්මලා මව්කිරි කළඳක් නොදී ඇඟපත හදා ගන්න බලනව. බොරු සෝබනේ‘‘ කීවේ  තරමක කෝපයෙනි. 


කවුරුත් මේ කතාව හිස වනමින් අනුමත කළත් මේ කතාව හොරෙන් අසා සිටි යෝජිත මනාලිය ඔවුන් ගිය පසු කීවේ ‘‘ඒ අම්මට දරුවන්ට කිරි දිදී ඉන්න ඕන නං පුතාට එළදෙනෙක් බැඳගන්න කියන්න.’’ කියාය. 



අදහස් (0)

කිරිපිටි ගැටලුව ලිහාගන්න මනාලයාට එළදෙනක් බඳින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site