(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක් වූ පොලිස් ස්ථානයකට කාන්තාවන් දෙදෙනකු කැඳවා තිබුණේ එළදෙනක හා සම්බන්ධ සුළු පැමිණිල්ලකටය. පැමිණි දෙදෙනාම ඥාතීහු වූහ.
පැමිණිල්ල විභාගයට ගත්විට පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේදී පැමිණිලි කළ කාන්තාව “ මෙයාගෙ පොඩි එකාට පිටි කිරි දෙන්න එපා කියල දොස්තර මහත්තය කිව්ව කියල මගේ ගැබ්බර එළදෙන ඉල්ලගෙන ගියා. මාස පහකට පස්සේ ගියාම එළදෙන මස් කඬේට දක්කලා” කීමෙන් පරීක්ෂකවරයා විමතියට පත්විය. “කිරට ගෙනිහින් මසට දීලා” ඔහු කීවේ සිනාසෙමිනි. “ එතකොට වහු පැටියට මොකද කළේ?” ඔහු විත්තිකාරියගෙන් ඇසීය. “මොන පැටියෙක්ද සර් ගැබ්බර එළදෙනක් කියල අපිත් රැවටුණා. කප්පරක් තණකොළ කැව්ව විතරයි. පැටියෙක් ලැබුණේ නෑ. හරක වික්කේ නම් මම නෙමෙයි. ගෙදර මනුස්සයට තරහ ගිහිං” ඇය කීවේ කෝපයෙනි. කෙසේ වෙතත් එළදෙන විකුණන ලද මුදල පැමිණිලිකාරියට දීමට එකඟ වීමෙන් ගැටුම සමථයට පත්වුණාලු.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.