IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කිනිතුල්ලන් මරන්න වල්නාශක ගහලා එළදෙනයි-පැටවයි මැරිලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
නිවසේ ඇති කළ කිරි එළදෙනගේ ඇඟේ වසා සිටින කිනිතුල්ලන් ඉවත් කිරීම සඳහා මිතුරකු ලබාදුන් උපදේශයක් ක්‍රියාත්මක කිරීමට ගොස් එම වටිනා කිරි එළදෙනත් ඇගේ පැටවාත් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ පුවතකි මේ. වයඹ පළාතේ ගම්මානයකින් වාර්තා වන එම සිද්ධිය සැකවින් මෙසේයි.


ඔහු එළවළු ගොවිතැන් කර ජීවිකාව ගෙනයන අයෙකි. මීට මාස කීපයකට පෙර රුපියල් 75,000ක මුදලක් ගෙවා කිරි එළදෙනක මිලදී ගනු ලැබුවේ එළදෙනගෙන් කිරි ලබාගෙන ඒවා විකුණා එයින්ද අදායමක් උපයා ගැනීමේ අදහස ඇතිවය.


සති කීපයක කාලයක සිට එළදෙනගේ ඇඟ පුරාත්, එළදෙන ළඟදී බිහිකළ පැටවාගේ ඇඟ පුරාමත් කිනිතුල්ලන් වසා සිටිනු දුටු මෙම පුද්ගලයා පසුවූයේ කිනිතුල්ලන් විනාශ කිරීම සඳහා ක්‍රමවේදයක් ගැන කල්පනා කරමින් මහත්වූ කනස්සල්ලකිනි. පසුගිය දිනක මේ පිළිබඳව ඔහුගේ මිතුරෙකුට පැවසූ අතර කිනිතුල්ලන් ඉවත් කිරීම සඳහා මිතුරා ලබාදුන් උපදේශය වූයේ වල්නාශක හෝ කෘමිනාශක ටිකක් එළදෙනගේ ශරීරයට ඉසින ලෙසයි. මිතුරාගේ එම උපදේශය ලැබුණු දිනයේම සවස් යාමයේ ඔහු ගෙවත්තේ වගාකොට ඇති වම්බටු වගාවේ පණු රෝගය සඳහා ගෙනැවිත් තිබූ කෘමිනාශක බෝතලයෙන් ටිකක් ගෙන ජලයට කලවම් කර තෙල් ඉසින යන්ත්‍රයෙන් එළදෙනගේ ශරීරය පුරා ඉසිනු ලැබුවේ උපදේශය ලබාදීම පිළිබඳව මිතුරාට හදවතින් ස්තුති කරමිනි.


එම කටයුත්ත නිමකර ළිඳ ළඟට ගොස් ඇඟපත සෝදාගත් ඔහු සිය යතුරුපැදියෙන් යාබද ගමක ජීවත්වන ඔහුගේ ඥාති සහෝදරයකුගේ නිවස වෙත ගියේ කලකින් ඒ පැත්තෙ යාමට නොහැකිවීම නිසාය. පැයක් හමාරක් එම නිවසේ ගතකරද්දී ඔහුගේ ජංගම දුරකතනයට සිය බිරිඳගෙන් ඇමැතුමක් ලැබුණේ ඉක්මනින් ගෙදර එන ලෙසය. නිවස වෙත පැමිණි ඔහුට දැක ගත හැකි වූයේ නිවස අසල ගැටගසා සිටි එළදෙන හා පැටවා අසලට වී බිරිය හඬා වැළපෙන අයුරුය.


එළදෙනත් පැටවාත් මියගොස් සිටින බව තේරුම් ගැනීමට ඔහුට වැඩි වෙලාවක් ගත නොවිණි. යාබද නිවසක පුද්ගලයකු සතු බැකෝ යන්ත්‍රය වහා ගෙන්වාගත් ඔහු ගෙවත්තේ විශාල වළක් කප්පවා මියගොස් සිටි කිරි එළදෙනත් ඌගේ පැටවාත් වළලා දැමුවේ මේ සිද්ධිය ගමපුරා පැතිරයාම වැලැක්වීම සඳහා වුවද එදින රාත්‍රිය වනවිට මෙම සිද්ධිය ගමේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් තිබුණේ විදුලි වේගයෙනි.



අදහස් (0)

කිනිතුල්ලන් මරන්න වල්නාශක ගහලා එළදෙනයි-පැටවයි මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site