යටවත්ත නගරාසන්න ග‍්‍රාමීය ප‍්‍රදේශයක සිල්ලර වෙළෙඳ සලකි. ගමේ ඥාති හිතවතුන්ම සිටිනා බැවින් කඩ හිමියා සමහර අවස්ථාවල සිය අවශ්‍යතා සඳහා ගෙතුළට ද වෙළෙඳ සලෙන් පිටතට ද යන අවස්ථා එමටය.
දිනක් වෙළෙඳසළ ආසන්නයේ පදිංචි ගැහැනු දරුවකු කිලෝ දහයේ හාල්පිටි මිටියක් වෙළෙඳසලට රැුගෙන ඇවිත් කියා සිටියේ ‘‘මාමෙ තාත්ත හාල් මිටියක් කියා අරන් ගිහින් තියෙන්නෙ හාල් පිටි මිටියක්. මේක තියාගෙන කිලෝ 10යේ හාල් මිටියක් දෙන්න’’ මම බත් උයන්න හාල් ටිකක් ගන්න බලද්දී තමයි දැනගත්තේ තාත්තා ගෙනත් තියෙන්නේ පිටි මිටියක් බව හොඳ වෙලාවට මම කැඩුවේ නැහැ.
එම දැරියගේ පියා තමා වෙළෙඳ සැලෙන් බැහැරව සිටි වෙලාවේ මේ පිටි මිටිය සොරාගෙන ඇති බව දැනගත් වෙළෙඳසල් හිමියා දැරියට පවසා ඇත්තේ ‘‘තාත්තාටම එන්න කියන්නකෝ හොඳ හාල්මිටියක් තෝරාගෙන යන්න යයි පවසා දැරිය පිටත්කර යැවීය.
මේ වන විටත් හාල් මිටිය රැුගෙන යාමට තාත්තා පැමිණ නැත.