IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කැඩුණු කසාදෙ හයිකරගන්න ගිහින් කපුව​ාගේ ගැටේට අහුවෙලා

(නිකවැරටිය ප්‍රියානි මංගලිකා )
තම තරුණ දියණියගේ කැඩී ගිය විවාහය යළි සවි කරගැනීම සඳහා වශී ගුරුකමක් කිරීමට මුහුණු පොතේ පෝස්ටුවකට අනුව දේවාලයක් සොයා ගිය මවකට සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.


සිද්ධිය මෙසේය.


මෙම මවගේ එකම  දියණිය වැඩිදුර අධ්‍යාපනයක් ද නොලබා ප්‍රේම සම්බන්ධයකට අනුව වයස අවුරුදු දහඅටේ දී විවාහ වන්නේ ගෙදර දොර වැඩපල ද නොදන්නා එකියක ලෙසිනි. ඒ හේතුව නිසාම සැමියා රැකියාවට නික්ම ගිය පසුව නැන්දම්මා සමග විසීම ද ඇයට අසීරු කරුණක් විය.


නැන්දම්මා හා ලේලිය අතර අඬ දබර නිමා වන්නේ විවාහය දෙදරා යාමෙනි. ඇයගේ සැමියා ද නැන්දම්මා හා ලේලිය අතර අඬදබර සමථයකට පත් කිරීමට ඉදිරිපත් නොවීය.


තරුණ බිරිඳ සියල්ල අතහැර දමා තම දෙමාපියන් ළඟට පැමිණිය ද ඇගේ සැමියා ඇය බැලීමට නොපැමිණීම ගැන ඇගේ මව ද පසු වූයේ මහත් කණස්සල්ලෙනි. වශී ගුරුකමක් මගින් තම බෑණා ගෙන්වා ගැනීමට මෙම මව කල්පනා කළාය. ඇය මේ බව දියණියට ද කීවාය. දියණිය ද එයට එක පයින්ම කැමති වූයේ සැමියා තමා ළඟට ගෙන්වාගෙන නැන්දම්මාට පාඩමක් ඉගැන්වීමටය.


මව සහ දියණිය දෙදෙනාම එක්ව මේ ගැන සිත යොමුකර, අදාළ ස්ථානයක් සොයා ගැනීමට වෙහෙසෙමින් සිටියහ. මේ අයුරින් වශී කර වෙන්ව ගිය අය දින හතෙන් ගෙන්වා දිය හැකි දේවාලයක්  පිළිබඳව මුහුණු  පොතේ වූ පෝස්ටුවක් මොවුන්ගේ නෙත ගැටුණි. එහි සඳහන් කපුවාගේ ලිපිනය ද සටහන් කරගත් මව මිතුරියක ද සමග ගමනට පිටත් වූවාය.


මොවුන්  ලිපිනයේ සඳහන් වූ තොරතුරු අනුව ඉතා අමාරු⁣⁣වෙන් අදාළ ස්ථානයට ළඟා වූයේ දුරකතර ගෙවාගෙනය. දේවාලයක් යැයි සඳහන් වුවද, මෙය පාළු තැනක වූ කුඩා කාමරයකි. එහි ඇතුළත රතු තිරයක් එල්ලා තිබුණි. කාමරය ඇතුළේ සිටි තරුණයකු රතු රෙද්දක් ද ඉනෙහි දවටාගෙන ඔවුන් ඉදිරියට පැමිණ, කාන්තාවන්ගෙන් පැමිණි  කාරණය විමසීය. ගමන් වෙහෙස ද පසෙක දමා වහා ඉදිරිපත් වූ මව තම කාරණය දේවගැතිවරයාට කියා සිටියේ මහත් භක්තියෙනි.


සියල්ල අසා සිටි තරුණ පුද්ගලයා මෙම කාන්තාවන් දෙදෙනා අමතා මෙසේ කීවේලු‍. ‘‘වැඩේ කරලා දෙන්නම් කිරි ගහට ඇන්නා වගේ. ගාස්තුව රුපියල් 15,000යි. අද ඇඩ්වාන්ස් එකක් දීලා යන්න. දවස් තුනකින්  ඉතිරි සල්ලිත් අරගෙන එන්න. දෙන්නගේ නම් දෙක ලියලා දීලා යන්න. ඒ නම් දෙකට දවස් තුනම පහන් පත්තු කරගෙන මතුරනවා. ලේසි නෑ වැඩේ”‍ යැයි කියා ඇත.


පසුව මෙම මව දුවගේ සහ බෑනාගේ නම් දෙක ලියා, රුපියල් දෙදහසක් ද සමග බුලත් අතක තබා දේවගැතිවරයාට පිළිගැන්වීය. ඔහු එය ද රැගෙන කාමරය තුළට වැදී ටික වේලාවකින් එළියට ආවේ කට ද පිස දමමින්, දෑස් ද රතු කරගෙනය. 


“දැන් සේරම හරි මතුරන්න පටන් ගත්තා. කියපු  දිනේට  ඉතිරි සල්ලිත් අරගෙන එන්න”‍ කපුවා කාන්තාවට කියා ඇත්තේ වෙරිමර ගාතේය.


පසුව මෙම මව මිතුරිය ද සමග ආපසු ඒමට මගට බැස්සේ මහත් වූ කනස්සල්ලෙනි. ඇය අස්වසමින් මිතුරිය මෙසේ කියා ඇත. “අපරාදේ සල්ලි... අපි කියමු අපිට බස් එකේවත් යන්න සල්ලි නෑ. ඒ හින්ද රුපියල් පන්සීයක් ගන්න. ඉතිරි එක්දාස් පන්සීය ආපහු දෙන්න කියලා. ඉතිරි සල්ලි සේරම අරගෙන කියපු දවසට නොවරදවාම එනවා කියලා කියමු”‍ යැයි යෝජනා කළාය.


මිතුරියගේ අදහසට එකඟ වූ මව ආපසු හැරී යළි දෙදෙනාම දේවාලය ඉදිරිපිටට ගියහ. එවිට දේවාලය තුළ සිට එළියට පැමිණියේ වෙනත් පුද්ගලයෙකි. ඔහු ද පෙර පුද්ගලයාගේම හැඩරුවය. මිතුරිය කී ආකාරයට එම මව මෙම පුද්ගලයාගෙන් තමා දුන් මුදල් ඉල්ලා සිටියාය. පසුව එම පුද්ගලයා කාන්තාවන් අමතා මෙසේ කියා ඇත. “ඕගොල්ල සල්ලි දීපු කෙනා නම් දැන් නෑ. එයා ගිහින්. ආයේ කොයි වෙලාවේ එයිද දන්නෑ. කියපු දිනේට ඉතිරි සල්ලිත් අරගෙන නොවරදවාම එන්න” යැයි කීවේලු‍. 


වශී ගුරුකමෙන් අන්ද මන්ද වූ කාන්තාවන් දෙදෙනා මහත් වෙහෙසට පත්ව දැඩි කනස්සල්ලෙන් ආපසු නිවෙස් බලා ආවේලු‍.

 



අදහස් (4)

කැඩුණු කසාදෙ හයිකරගන්න ගිහින් කපුව​ාගේ ගැටේට අහුවෙලා

වීරවිජේ Saturday, 15 August 2020 03:50 AM

මේවා තහනම් කරන්න කාලෙ හරි...

:       17       119

kuma Saturday, 15 August 2020 07:49 AM

මේවා ඇත්තනම්.. මේ හොර දේවාලවල නම්ගම් එක්කම දාන්න.. තවත් අයෙකුට සෙතක් වෙනවානේ...

:       5       134

ගල් බමුණා Sunday, 16 August 2020 06:58 AM

හොර දේවාල හෝ හරි දේවාල කියලා දෙකක් නැහැ.. තියෙන ඔක්කොම දේවාල හොර දේවාල තමයි... ඔය ගුබ්බෑයම් වගේම තමයි පන්සල් පල්ලිවල කෙරෙන ආගමික සංදර්ශනත්, මිනිස්සුන්ගේ ඔළුවල පිරිලා තියෙන අදෘශ්‍යමාන, මනංකල්පිත ආගමික හිතළු නිසා ඔවැනි දේ වලට මිනිස්සු රැවටෙනවා, මොකද හැම ආගමකම අදෘශ්‍යමාන බලවේග ගැන හිතළු තියෙනවා, ඒවා මිනිස්සුන්ගේ ඔලුවල තියෙන තාක්කල් මිනිස්සු ඕවට අහුවෙලා රැවටෙනවා. ඒ නිසා ඕවාට තියෙන ඉල්ලුම නවත්වන්න බැහැ. කවුරු හරි ඕවා තහනම් කරන්න හැදුවොත් වෙන්නේ හරියටම හොර රහසේ මේක කෙරෙන එක.. එකෙන් තවතවත් දූෂණ, වංචා වෙයි. තක්කඩින්ට අහිංසකයින් වැඩිපුර වංචාවලට යොදාගන්න පුළුවන් වෙයි. ඉතින් කරන්න තියෙන්නේ පැටි වයසේ ඉඳලා ඔලු වලට ආගමික හිතළු පිරවිල්ල නවත්වන එකයි.

:       0       1

නුමා Wednesday, 19 August 2020 08:05 AM

හොර එව්වා, හොඳ එව්වා කොහෙද තියෙන්නේ...? ඔක්කොම හොර තමයි. අසරණ මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දීලා, සල්ලි කඩාගන්න තමයි බලාගෙන ඉන්නේ... දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයින් විශ්වාස කරන මිනිසුන් ඉන්න තාක්කල් මේ බිස්නස් වැටෙන්නේ නෑ. මිනිසුන්ට ප්‍රශ්න වැඩිවන තරමට දේවාලවලට කල්ල මරේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13328 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 62 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site