පෞද්ගලික ආරක්‍ෂක අංශයේ රැකියාවක් ලැබුණු තරුණයෙකුට රාත‍්‍රි රාජකාරිය සඳහා ලැබුණේ කොළඹ නගරයේ පිහිටි කිසිවකුත් නොමැති නිවෙසක් මුර කිරීමටය. නිවැසියන් විදේශගතවී සිටි මෙම නිවසේ ආරක්‍ෂාව පෞද්ගලික ආරක්‍ෂක ආයතතනයකට පවරා තිබිණි. තාප්පයෙන් වටවුණු නිවසේ විශාල ගේට්ටුවකි. ආරක්‍ෂක නිලධාරියා එය ඇතුළතින් අගුල්ලා, තම ජංගම දුරකතනයෙන් රේඩියෝවට සවන් දෙන්නට විය. ඒ වෙලාවේ විකාශය වූයේ භූතාත්ම සම්බන්ධ කතාවකි. නිවස අසල ගසේ කෑගසන බස්සකුගේ හඬින් කලබලයට පත් ඔහු ගලක් රැගෙන එම ගසට ගැසීය. ඒත් බස්සාගේ හඬ නැවතුණේ නැත. ඒ අතරවහලට ගල් කැබලි වැටෙන්නාක් වැනි ශබ්ද ද යමෙක් ගේට්ටුවට තට්ටු කරන හඬක්ද ඔහුට ඇසුණි. බියට පත් තරුණ ආරක්‍ෂක නිලධාරියා තම ජංගම දුරකතනයෙන් ආරක්‍ෂක ආයතනයේ සංචාර නිලධාරි තැන අමතා, ”අනේ සර් මට මෙතන නම් ඉන්න බැහැ. මෙතැන හොල්මන්. මාව එක්කගෙන යන්න එන්න” යැයි කීය. සංචාරක නිලධාරියා ඔහු අස්වැසීමට බොහෝ දේ කීවත් ඔහු කීවේ තනියම සිටිය නොහැකි බවය. පැය බාගයකින් සංචාරක නිලධාරියා පැමිණි අතර ගේට්ටුව ඇර ඔහුව ඇතුළට ගත් ආරක්‍ෂක නිලධාරියා සිදුවූ විස්තරය ඔහුට පැවසීය. ”ගේට්ටුවට තට්ටු කළේ නම් බල්ලෙක්” සංචාරක නිලධාරියා කීය. ”ඒ කිව්වේ සර්” ආරක්‍ෂක නිලධාරියා ඇසීය. ”මම මෝටර් සයිකලෙන් එද්දී ගෙට්ටුව ළඟ නිදාගෙන හිටපු බල්ලෙක් යන්න ගියා. ඌ ඇඟ කහද්දී නැට්ට ගේට්ටුවේ වදින්න ඇති. වහල ළඟ තියෙන ගහේ පොඩි ගෙඩි වගයක් මම දක්කා බිම තියනවා. ඒවා තමයි වහලට වැටුණේ.” ඔහු කීය. ”ඒත් සර් මට බයයි මට මෙතන ඉන්න බැහැ” ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුන්නේය. ආරක්‍ෂාවට යෙදවීමට වෙනත් නිලධාරීන් නොසිටි නිසා සංචාරක නිලධාරියාට සිදුවූයේ එළිවෙනතුරු එතැන මේසය මත දිගාවී ආරක්‍ෂක නිලධාරියාට තනි රැකීමටය.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එළිවනතුරු ආරක්‍ෂක නිලධාරියාට තනිරකින්න සංචාරක නිලධාරියා ඇවිත්
ජයී Friday, 02 December 2011 07:56 PM
කට්ටාන්ඩි මහත්වරු කීප දෙනෙක්ද ආරක්‍ෂක නිලධාරීතනතුරට බඳවාගන්න.
චාමී Friday, 02 December 2011 09:31 PM
හරි බොලඳයි නේ.....