අගනුවරට ආසන්න බාලිකා විදුහලක සිසුවියක වූ ඇය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. පසුගියදා සංශෝධිත ප්‍රතිඵල ලේඛනයේ ඉසෙඞ් අගය බලාගැනීමට පාසලට යන බව කියා අයියාගේ යතුරු පැදියෙන් ඔහුත් සමග ගිය ඇය සවස් වරුවේ ගෙදරට ආවේ අඬාගෙනය. ”ඇයි දුවේ ස්කෝර් එක අඩුවෙලාද?” මව ඇසුවාය. ”නෑ” ඇය කීවේ කෝපයෙනි. ”එහෙනම්?” මව ඇසුවත් ඇය කිසිවක් නොකීවාය. සන්ධ්‍යාවේ කාර්යාලයේ වැඩ ඇරී ගෙදර ආ අයියා කීවේ අපූරු කතාවකි. ”මම එයා ඉස්කෝලෙ ළඟ බස්සලා ඔෆිස් එකට ගියා. ටික වෙලාවකට පස්සෙ යාළුවෙක් කෝල් එකක් දුන්නා. නංගී මොරටුවැල්ලෙ කොල්ලෙක් එක්ක රවුම් ගහනව කියල. ගියාම කාරනේ ඇත්ත. මම ඇහුව ඔයාගෙ ”අලූත් ස්කෝර් එක” මේකද කියලා නංගි අඬාගෙන පැන දිව්වා. මම කොල්ලට හොඳවයින් දෙකක් තුනක් කිව්වා” පුතා කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවනම් මොනවාද? අයියත් ඔහොම කරලා අතිනේ..?(නු)
අයියා හොඳයි නංගී ගැන විපරම් කරපු එක. නැත්නම් ඉසෙඩ් ස්කෝර් එකට වඩා අසාධාරණයක් වෙන්න තිබුණා අලුත් ස්කෝර් එකෙන්. (නි)
ඕක ගනං ගන්න එපා.. එයා රැළි පාගන්න යන්න ඇති පව් එයා...(නු)
දැන් කාලේ ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි පස්සට තේරෙයි වැරදි කියල (දී)
ඉස්කෝලේ ඉඩ මදි ඇති (දී)
නංගි ඔයා වැඩ අනුමත කරන්න බැහැ (දී)
ඉසෙඞ් ස්කෝර් බලල කරන්න දෙයක් නැතුව මුහුදට පනින්න ගිහින් තියෙන්නේ
අයියා නංගී පිළිබදව බොහොම සෙවිල්ලෙන් සිටිය යුතුයි. (නි)
" අයියා " සාක්කි.....(ස)
නංගිගෙ පාමුල ඉර හද තියන්න ලැහැස්ති වෙන හාදයෝ ඉන්නවා එම නිසා අයියා බොහොම සෙවිල්ලෙන් ඉන්න.. තවම පොඩි ළමයිනෙ.. තේරෙන්නෙ නැහැ තවම බරපතලකම..(නු)
ඔය වයසට ආදරේ නොකර නාකි වුනහම ආදරේ කරන්නයෑ. හැබැයි මොරටු වැල්ල නම් එච්චරම හොද මදි නංගෝ ! (දී)
ඒ ළමයා කවදාවත්ම මුහුද දැකලා නැහැ.ඉතින් අනේ අංකල් මාව මුහුද බලන්න එක්ක යන්න කියපු නිසා ඒ ලමයගේ වදෙන් බේරෙන්න බැරිව එක්ක ගියේ.නැතිනම් වරදවා ගිය ගමනක් නෙවෙයි.ඒත් කරුමෙටම මේ ලමයගේ අයියා ආවනේ වෙලාවටම.ඉහ නිකට ගැන බලලා සමාව දෙනවා කියලා තමයි ඒ ලමයගේ අය්ය ආපහු ඒ ලමයව එක්කගෙන ගියේ. හොඳ වැඩක් කරන්න ගිහිල්ලත් ඕන්න බලමුකෝ අනුන්ගෙන් බැනුම් ඇහුව හැටි.ඒක නරක වැඩක් නෙවෙයිනේ.මුහුද දැකලා නැති කෙනෙකුට මුහුද පෙන්නන එක.අනික කතාබහ කලේ නරක දේවල් නෙවෙයිනේ.අනික ආදරය කරන එක නරක දෙයක්ද?එහෙම නම් ආදරය ගැන මේ තරම් කවි,නිසඳැස්,ගීත සාහිත්‍යයක් ලියවෙන්නේ කොහොමද? (දී)
අයියන්ඩියෙ මට සමාව දෙනු මැන ආදරයේ සුව දැනුන දිනේ(නු)
අනුවර්ථ නමින් එවන ප්‍රතිචාර පළ නොකරමි
මුහුදට පනින්න ගියාද දන්නේ නෑ...(ස)
බලධාරීන් මොකද කියන්නේ.....(ස)
ඉසෙඩ් කෝ බලල එනකොට ඒ ටික මුහුදට වැටිලා හොයන්න ගිහින් (දී)
ලකුණු බලලා ජීවිතේ එපා වෙලා මුහුදට පනින්න යද්දි වෙන්නඅඇති අර කොලුවා එන්න ඇත්තෙ.. කොල්ලා නිසා කෙල්ලගේ ජීවිතේ බේරුණා.. අයියා හරිනම කොල්ලට ස්තුති කරන්න ඕන..(නු)
ඔව් නංගි , අපි ඉතින් වැඩකට බැස්සොත් පුවක් ගහෙත් දෙබලක් (දී)
ඕවා ඔහොම තමයි.අපිටත් මුහුදක් ළගටවත් යන්න බැරිවුණා අයියලා හින්දා.අයියලා කෙල්ලන්ට විතරක් නෙමෙයි, කොල්ලන්ටත් වදයක්... (නි)
එයාල මුහුදට ගියාම කාටවත් අමාරුද? එයාලට ඕන නිසානේ එයාල ගියේ. (ස)
මේවා කවුද පත්තර වලට ලියන්නේ? ඒ ළමයා රැල්ල පාගන්න ගියාම මොකද වෙන්නේ? කාටවත් මොකක්ද තියෙන අමාරුව ඒකට? (නි)
ඕක බනින්න තරම් ලොකු සිද්දියක්ද ????(දී)
පොඩි ආතල් එකක් ගන්න වෙන්න ඇති...(ස)
අයියා මොරටුව වැල්ල පැත්තට ගිහිල්ලම නැද්ද ??(ස)
හරි ශෝක් ස්කීම් එකටනේ ආඩම්බර ( (දී)
අයිය මොරටු වේල්ලේ ගිහිල්ලම නැද්ද ? (දී)
පෙම්කල වරදට මට වද දෙන්නේ පෙම්කල හිතකින් නොවන නිසා............ අයියන්ඩියේ මට සමාව දුන මැන පෙම්වතියක මුණගැසුනු දිනේ.....// (ස)
අයියට විතරයි හොද මුහුදුවෙරළට යන්න එයාගෙ ගැහැණු ළමයත් එක්ක..?(නු)
මුහුදෙ පනින්න ගියාද දන්නෙ නැහැනෙ....?(නු)
මමත් කොල්ලෙක් එක්ක මුහුදු වෙරළට ගිහින් ඉදිද්දී අපේ අයියගේ අතටම අහුවුණා..ඒ කොල්ලා අයියගේ යාලුවෙක් හින්දා එදා නම් මම අපේ අයියගෙන් ගුටි නොකා බේරුණා.හැබැයි අයියගේ යාලුවා කියන මගේ පෙම්වතා නම් පහුවෙනිදා අයියගෙන් ලොකු බැණුමක් ඇහුවා කියලා එයා මට පස්සේ කිව්වා.අයියා බැණලා තියෙන්නේ මගේ නංගි එක්ක යාලුයි කියාලා එයා කිව්වෙ නැත්තෙ ඇයි කියලයි.දැන් නම් අයියා මට බණින්නේ නැහැ.මම හැම ඉරිදාටම කොල්ලා එක්ක මුහුදු වෙරළට යනවා.අයියා අපිව දැක්කත් මුකුත් කියන්නේ නැහැ. (නි)
හානේ.....කොලොප්පන් කිව්වලු....(ස)
නංගි කෙසේ වෙතත් අයියනම් ටිකක් වැදගත් පාටයි....(ස)
මේකනම් බොරුවක් නේද...(ස)
මේක ගොතාපු කතාවක් ......(ස)
සාධාරණයි. විභාගෙත් ඉවරනේ (දී)
ඉසෙඩ් ස්කෝර් එක හොද හන්දා සන්තෝෂයට යන්න ඇති.පවු. (නි)
ඔව් ඉතිං.... ඔය වයසට කොල්ලෙක් එක්ක, රැල්ල පාගන්න ගියට කමක් නැහැ.., දැන් විභාගේත් ඉවරයිනේ... (ස)
ඒ ළමයටත් ස්වභාවික හෑඟීම් දෑනීම් තියෙනවා. ඔය වයසේ ගෑනු ළමයින්ව කසාද බන්දලා දුන්නානම් මේ වගේ ප්‍රශ්න නෑ.(ස)
නංගියේ නොහොබිනා වැඩ කරන්න එපා (දී)