(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
බල්ලකු ගොළුවෙකුව කතා කළ පුවතක් මහනුවර අනිවත්ත ප්‍රදේශයෙන් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි.
සීනුවක් සොලවමින් වැදගත් පහේ නිවෙස් කරා ගිය ගොළුවකු අංග චලනයෙන් තම දුක කියමින් ලිඛිත දැන්වීමක් පෙන්වමින්ද සිඟමනේ යෙදුණේ ඇතැම්විට සමහර නිවැසියන්ට මහත් හිසරදයක් ද වෙමිනි.
කෙසේ නමුත් එසේ ගිය නිවසක සිටි බල්ලෙකු ගොළුවා පමණක් නොව නිවැසියන්ද නොසිතූ මොහොතක ගොළුවා වෙත කඩා පැන්නේ හපා කෑමටය.
එහෙත් බල්ලාගේ ප්‍රයන්තය අසාර්ථකවී ගොළුවාගේ සරම පමණක් ඩැහැ ගැනීමට හැකි වුවද ‘බුදු අම්මෝ මාව බේරා ගනියෝ’ කියමින් ගොළුවා අසල තිබූ පේර ගසක එල්ලී පණ බේරා ගත්ත ද නැවත ගොළු බසින් රඟපෑමට නොහැකි බව දත් නිසාදෝ ඔහු වහ වහා ප්‍රදේශයෙන් පළාගිය බව ද වැඩිදුරටත් වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලන්ට , ගොලුවන්ව සනීප කරන්න පුළුවන් කියල අපි දැනගෙන හිටියේ නැහැනේ ..