(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක ඉකුත් දිනක පැවති උපන්දින සාදයකට අනාරාධිතව පැමිණි පුද්ගලයකු සාදයට සහභාගි වීමෙන් පසු උත්සව ශාලාව අයිතිකරුගේ නිවසට ඇතුළුවීමේ දී උත්සවයට සහභාගි වූ පිරිසක් විසින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ ජාඇළ පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම උපන්දින සාදයට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර උත්සවය සංවිධායකයෝ පවසන්නේ මෙවැනි පුද්ගලයකුට ආරාධනා කර නැති බවයි.
සාදය අලුයම 2.00 දක්වා පැවති අතර මෙම පුද්ගලයා විසින් උත්සව ශාලාව අයිතිකරුගේ මව, බිරිය සහ දරුවා පමණක් නින්දේ පසුවන අවස්ථාවේ නිවසට ඇතුළුවී එම මවගේ නිදන කාමරයට ඇතුළුවීමට යාමේදී මව විසින් කෑගැසීමත් සමග ඒ හඬ ඇසුණු පිරිසක් බීමතින් සිටි මෙම පුද්ගලයාට බරපතළ ලෙස පහර දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් උත්සව ශාලාවේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනාරාධිත පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක මනෝරංජන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ වෙඩින් එකටත් එහෙම ආරාධනා නොකරපු කෙනෙක් ඇවිත් ආරාධනා කරපු අයත් එක්ක වලියක් දාගෙන බොහොම අමාරුවෙන් බේරාගත්තේ.