IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ආරක්ෂක නිලධාරිගෙන් අපූරු උපායක්

ඔහු ආයතනයක සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකි. එහි රියැදුරා ඔහු සමඟ කුළුපගය. සවස පහට කාර්ය මණ්ඩලය පිට වූ පසු ආරක්ෂක නිලධාරියාට රාජකාරිය පහසු විය.

මැදියම් රැයෙන් පසු ඔහු කළේ පුටු දෙකක් මත හාන්සි වීමය.  රියැදුරා ආරක්ෂක නිලධාරියගෙන් මුදල් ණයට ගැනීමට පුරුදුව සිටියේය.

දිනක් ඔහු රුපියල් පන්සීයක් ඉල්ලූ අතර, ආරක්ෂක නිලධාරියා මුදල් නොමැති බව පැවසීය. උරණ වූ රියැදුරා ආරක්ෂක නිලධාරියාගේ රාත‍්‍රී විවේකයට තිත තැබීමට සිතා, ආයතන ප‍්‍රධානියාට කතා කොට ”සර් අපි පෝච්චිවල හිටවපු මාළු මිරිස් පැළ ටිකක් ගේමු.” යනුවෙන් පැවසීය.

”ගොළු බල්ලෝ පැළ ටික කාලා දාවි” ප‍්‍රධානියා කීය.

ඒකනේ සර් එස්. ඕ. ඉන්නේ. රියැදුරා පැවසීය. පසුදා පෝච්චිවල සිට වූ මාළු මිරිස් පැළ දහයක් ආරක්ෂක නිලධාරියාට භාර දුන් ප‍්‍රධානියා ”එස්. ඕ. ?ට ගොළු බෙල්ලන්ට මාළු මිරිස් පැළ කන්න දෙන්න එපා.” යැයි පැවසීය.

මධ්‍යම රාත‍්‍රියේ මිදුල පුරා ගොළු බෙල්ලන් සිටිනු දුටු ආරක්ෂක නිලධාරියාට තරු පෙනුණි. අසල තිබූ මේසයක් මත මාළු මිරිස් පෝච්චි තිබූ ආරක්ෂක නිලධාරියා සැහැල්ලූවෙන් පුටුවේ දිගා විය. දිනපතා රාත‍්‍රියට මේසය මත පෝච්චි තබන ඔහු උදෑසනම ඒවා මුලින් තිබූ තැනම තබයි.

ක‍්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (1)

ආරක්ෂක නිලධාරිගෙන් අපූරු උපායක්

bamunu Wednesday, 26 July 2017 06:42 AM

ඕකට තමයි කියන්නේ බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කන් සමග නැගිටින්න වෙනවා කියලා..

:       0       110

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30917 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13042 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10933 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 856 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 253 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 903 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site