පරිප්පු හොදි ටිකක් සමඟ ඉඳිආප්ප පහක් උදේ ආහාරයට ගත් පුද්ගලයකුට රුපියල් එකසිය පනහක මිලක් ගෙවන්නට සිදුවූ පුවතක් ගම්පහ දිසාවේ ප‍්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
සිංහල අවුරුදු දිනට පසු දිනයයි. මේ අය නිවෙසින් පිටව ගියේ සිරිත් පරිදි හෝටලයකින් උදේ ආහාරය ගන්නා අදහසිනි. පෙර පුරුදු හෝටලය වසා තිබිණි. ටික දුරක් යද්දී හෝටලයක් විවෘත කර තිබෙනු දක්නට ලැබිණි. උදේ ආහාරය තිබේදැයි ඔහු ඇසීය ඇති බව දැන ගත් ඔහු මේසයක වාඩිවී සිටියේ වේටර්වරයකු එනතුරුය.
වේටර් ආවේ නැත. ටික වේලාවකින් ආ කළමනාකරු යැයි සිතිය හැකි අයකු මහත්තයා ඇති තරම් බෙදාගෙන කන්නැයි ඔහුට දැන්වීය. ඒ අනුව කෑම මේසයට ගිය ඔහුට විවිධ ආහාර වර්ග ඇති බව දක්නට ලැබුණත් අතේ එතරම් මුදලක් නැති නිසා ඉඳිආප්ප පහක් හා ඊට අවශ්‍ය තරමට පරිප්පු හොදි බෙදාගෙන ආහාරය ගත්තේය.
මුදල් ගෙවීමට ගියේය. රුපියල් එකසිය පනහක බිලක් ඔහුට ලැබිණි. මේ ඇයි ඔහු විමසීය. මහත්තයා දෙකක් කෑවත් සියයක් කෑවත් අපේ ගාන ඒක තමයි කළමනාකරු කීවේය. ඒ බව සඳහන් මෙනු පතක්ද අතට ලැබිණි. එය ”බුෆේ” මෙනුපතකි. කළමනාකරු හරිය.
අතේ තිබුණේ රුපියල් සියයක් පමණි. මිතුරකුට ඇමතුමක්දී ගෙන්වාගෙන බිල ගෙවා ඔහු පිටව ගියේ ආයේ මේ වගේ ගොන්කම් නොකරන බව කියමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඉදි ආප්පයක් රුපියල් 20යි. හොද්දට 50යි, දෙයියන්ට පෙනීයන් මේ අවනඩුව. (ස)
පුදුම ගානක්නේ අරන් තියෙන්නේ.ඒක තමා රොෂාන්, එකසිය පනහට තුන්සීයක විතර නැවත කන්න තිබුණේ, නේද.ඒත් වරද මනුස්සයා කෑම කන්න කලින් මෙනු එක නොබැලීමයි.එකසිය පනහෙන් බේරුනා ඇති. (නි)
අවුරුදු දිනට පසු දින කියන්නේ ගෙදර කොහොමත් කෑම තිබෙන දිනයක් නේද?ඉතින් ඇයි මේ කඩෙන් කන්න ගියේ? අපරාදෙ නේද? (නි)
හොඳට කන්න පුළුවන් දහ දෙනෙක් විතර එක්කගෙන ගිහිල්ලා හෝටලේ කෑම ටික අවසන් වෙනතුරු කෑවා නම් හරි (නි)
කුමාරි,යන්නද ලංකාවට ගිය දවසක කට්ටිය සෙට් වෙලා හෝටලේ හිස් කරලා එන්න.රොහාන්,සෙලනිකස්,මොකද කියන්නේ.?(දී)
බුෆේ එකකින් කෑම කනකොට එක පුද්ගලයෙක් ගෙවන්ට ඕනේ ගානක් තියෙනවා. කෑවා නොකෑවා කියල වෙනසක් නැහැ කීප සැරයක් කෑවත් ප්‍රස්නයක් නැහැ. ඒකට හේතුව ඕනෙම පුද්ගලයෙකුට කන්ට පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එයිට වඩා කන්ට බැහැ. බුෆේ එකකදී හෝටලේ හිමිකරුට අධික ලාබයක් ලැබෙන කොට කන පුද්ගලයට අදික පාඩුවක් සිද්ද වෙනවා. (නදී)
නිලූ, අදහස නම් හොඳයි. යමු ඔයත් ලංකාවට යන දිනයක් කියන්නකෝ මමත් එන්නම්.(දී)
මම නම් බුෆේද කියල අහල ආයිත් වාඩිවෙලා බඩ පැලෙන්න කනවා(දිල්)
ආයෙ ඉතින් සුපිරි හෝටල් ඕන නෑ, කොහෙත් ඔච්චර තමයි..!(දිල්)