(කෑගල්ල අධිකරණ චමින් ද වැවතැන්න)
කොරෝනා ආසාදිතයකු ඇසුරු කළායි පවසා නිවසේ නිරෝධායනය වෙමින් සිටි අනියම් බිරියට වියළි ආහාර ද්‍රව්‍ය ගෙන යාමට සැරසෙද්දී බිරියගේ අතටම හසු වී ඇතැයි කියන පුද්ගලයකු සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ තිදරු පියා ලොරි රථ රියැදුරු රැකියාව කරන අතර බිරිය රඹුක්කන ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන්නීය.
මොවුන් දෙදෙනා රැකියා සඳහා ගොස් ආපසු සවස නිවසට පැමිණෙන තුරු දරු තිදෙනා බලා ගනු ලබන්නේ පියාගේ මව විසිනි.
මෙම තිදරු පියා කලක සිට ගම් කිහිපයකට එහා පදිංචි සැමියා මියගිය එක් දරු කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යයි. සම්බන්ධතාව කලක් බිරියට හොර රහසසේ පවත්වාගෙන ගිය ද වැඩි කාලයක් යන්නට පෙර බිරිය සැමියාගේ අනියම් සම්බන්ධතාව පිළිබඳ අසල්වැසි කාන්තාවක් මාර්ගයෙන් දැන ගත්තාය. දෙදෙනා අතර පසුව මත ගැටුම් පැවති අතර දරු තිදෙනාගේ නාමයෙන් සම්බන්ධතාව අත් හරින ලෙස කීප අවස්ථාවකදීම තරුණ සැමියාට බිරිය හා නැන්දම්මා කීවාය. ස්ථිරව අනියම් සම්බන්ධතාව නවත්වන බවට තරයේ ප්‍රකාශ කළ තිදරු පියා රහසිගතව සම්බන්ධතාව දිගින් දිගටම පවත්වාගෙන ගියේය.
මෙම අනියම් කාන්තාවට අවුරුදු 12 ගැහැනු දරුවකු සිටින අතර ඇගේ සැමියා කලකට ඉහත දී ගසකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබුණි. තරමක් සුරූපී මෙම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක සේවය කළාය.
මීට දින කිහිපයකට ඉහත දී අසල්වැසි නිවසක පදිංචි කොරෝනා ආසාදිතයකු නොදැන ඇසුරු කර ඇති හෙයින් දින 14 ක කාලයක් නිවසේ නිරෝධායනය වන ලෙස ඇයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් දන්වනු ලැබ තිබේ. තමා නිරෝධායනය වන බව එක් දරු මව දුරකතනයෙන් අනියම් සැමියාට දැන්වූවාය.
සිය බිරිය වෙෙළඳ සලට ගිය අවස්ථාවේ දී නිවසේ තිබූ ආහාර ද්‍රව්‍ය අනියම් කාන්තාවට දීම සඳහා සැමියා බෑගයකට දමමින් සිටියදී නොසිතු ලෙස පැමිණි බිරියට හොරය අතටම හසුවිය. මේ පිළිබඳව විමසද්දී දෙදෙනා අතර යළි මත ගැටුම් ඇති වන්නට වියැයි කියයි.
2025 නොවැම්බර් මස 17
25
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අනියම් බිරියට උදව් කරන්න ගිහින් සැමියා බාල්දියක් පෙරළාගෙන