අගනුවර රාජ්‍ය ආයතනයක රැකියාවක් සඳහා වූ සම්මුඛ පරීක්ෂණයකට ඔහු කැඳවා තිබුණේ හදිසියෙනි. එහි ඇඳගෙන යාමට සුදුසු දිග කලිසමක් නොවූයෙන් ඔහු “රෙඩි මේඞ්” දිග කලිසමක් රැගෙනවිත් ගෙදරදී ඇඳ බැලූවිට එය අඟල් දෙකක් තරම් උස වැඩි බව පෙනිණ.
එම අඟල් දෙක අඩුකර දෙන ලෙස මවට කීවත් ඇය සැලකිල්ලෙන් එය අසා නොසිටි නිසා තම නංගීට එහි උස අඟල් දෙකක් අඩුකර දෙන ලෙස පවසා බැහැරට ගියේ කිසිවකුගෙන් මුදලක් ඉල්ලා ගැනීමටය.
ආපසු පැමිණ නංගී කොට කරන ලද කලිසම ඇඳ බැලූ ඔහුට තරු පෙණින. එය අඟල් හතරක් පමණ කොට වී තිබිණ. නංගීගෙන් විමසූ විට ඇය කීවේ තමා අඟල් දෙකක් පමණ කොට කළ බවකි.
ඒ සමගම එතැනට ආ මව “හත්දෙයියනේ මම අඟල් දෙකක් අඩුකරල කලිසම හදල තිබුණේ. ඔයත් ආයෙ ඒක අඟල් දෙකක් අඩු කළා ද?” ඇසුවේ විමතියෙනි.
(තිහගොඩ උපසේන ලියනගම)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.