
(අනීෂා මානගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරෝධායනය වෙමින් සිටි 43දෙනකුට කළ පීසීආර් පරීක්ෂණවලට අනුව ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටි, තංගල්ල , බෙලිඅත්ත, කදුරුපොකුණ සහ වීරකැටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් 43 දෙනකුගේ පීසීආර් සාම්පල ඉකුත් 21 වැනිදා තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගනයේදී ලබාගෙන තිබිණි.
මෙලෙස සාම්පල ලබාගත් 43 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වයිරසය වැළදී නොමැති බවට තහවුරු වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd