
ශ්රී ලංකාවේ, කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි 58 දෙනෙකු අද(31) සුවය ලබා පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2391කි.
අද උදෑසන මෙම 58දෙනා සුවය ලබා පිටව යාමත් සමඟ මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ගණන 412කි.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 5දෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් එක් අයෙක්ද, මිනුවන්ගොඩ මූලික රෝහලෙන් දෙදෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 50දෙනෙක්ද වෙති.
සුවය ලැබූ එම පිරිස අතර කිසිදු විදේශිකයෙකු නොවන බවද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2814කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd