
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 22දෙනකු සුවය ලබා අද(27) පිටව ගිය බැවින් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3200 ඉක්මවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3208කි. 128දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
සුවය ලබා පිටව ගිය පිරිස අතර,
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් - 5
වැලිකන්ද මූලික රෝහලෙන් - 7
ඉරණවිල රෝහලෙන් - 5
මුල්ලේරියාව රෝහලෙන් - 1
හම්බන්තොට රෝහලෙන් - 4 ක්, ලෙසින් පිරිස වෙති.
අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා බවට සැකසහිත රෝගීන් ගණන 40කි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3349ක් වන අතර මේ වනවිට 13දෙනෙකු මියගොසිනි.

COMMENTS
ලක්අම්මගේ කුසගිනි නිවන්නට දුක්වින්දානෙ අපි...... කොවිඩ් 19 එක්කම රස්සාවත් නැතිවුනානේ අපේ...... ලක්අම්මගේ බඩගිනි නිවත් දැන් අනාතයෝ අපි..... එක දේශපාලුවෙක් නැත උන්නද මලාද බැලුමට අප....