( තිළිණි ද සිල්වා )

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නියමුවන් තිදෙනෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවත්,  ඔවුන් පසුගිය දිනවල කිසිදු ගුවන් ගමනකට සහභාගි නොවූ ගුවන් නියමුවන් බවත්  ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.

මෙම ගුවන් නියමුවන් තිදෙනාට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් ඔවුන් ආසාදිතයින් බවට  ඊයේ (06) තහවුරු වූ බවත් , ඔවුන් තිදෙනා මේ වනවිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

මෙම ගුවන් නියමුවන් තිදෙනාට වයිරසය ආසාදනය වී ඇත්තේ  ඔවුන් බාහිර සමාජයේ ඇසුරු කළ පිරිස් වලින් විය හැකි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් ගුවන් ගත වන්නේ නම් ඊට පෙර ඔවුන් කොවිඩ් ආසාදිතයින්ද යන්න තහවුරු කිරීමට පරීක්ෂණ කිහිපයක් පවත්වන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.