(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (07) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
එම තීරණය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය.
මෙම කාලය තුළ ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී නොවැම්බර් 15 වැනිදා දක්වා දඩ මුදල් අය නොකරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd