
පසුගිය පැය 24 තුළ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා රෝගීන් 84,218ක් වාර්තා වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
ඔවුන් සඳහන් කරන්නේ එය ඇමරිකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදන අගය බවයි.
බ්‍රහස්පතින්දා වාර්තා වී ඇති රෝගීන් ගණන 76,195කි.
ඔහියෝ, මිචිගන්, උතුරු කැරොලිනා, පෙන්සල්වේනියා සහ විස්කොන්සින් ප්‍රාන්ත වලින් වැඩිපුර රෝගීන් වාර්තා වී තිබේ
මිඩ්ඩෙස්ට්, රෝගීන් වැඩිපුර වාර්තා වීමේ නව කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වේ.
ඇමරිකාවේ බටහිර ප්‍රන්තවල පසුගිය සති හතර තුළ රෝගීන් වැඩිවීම 200%කින් ඉහල ගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය විසින් සිදුකළ මෙම විශ්ලේෂණයේ දැක්වේ
මෙලෙස රෝගීන් වැඩිවීමට හේතුව සෞඛ්‍ය විශේෂඥයින් නිශ්චය කර නොමැති නමුත් ශීත දේශගුණිකතත්ත්වයන් යටතේ වයිරසය පැතිරීම ප්‍රවර්ධනය වන බවට අනතුරු අඟවා තිබිණි.
පාසල් හා විශ්වවිද්‍යාල නැවත විවෘත වීමද කොරෝනා සීමා කිරීම් දීර්ඝකාලීනව පැවතීම හේතුවෙන් ඇතිවන විඩාව ද රෝගීන් වැඩිවීමට බලපාන බව සඳහන් වේ.
ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාව වන මිලියන 8.5ක් ඇමරිකාවෙන් වාර්තා වන අතර කොරෝනා හේතුවෙන් මේවනවිට ඇමරිකාවේ ජීවිත 224,000ක් අහිමි වී තිබේ
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd