(යොහාන් භාසුර)
පානදුර සෞඛ්‍යය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් රැසක් නිවෙස් වල සිටින බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
එම බොහෝ නිවෙස්වල කොරෝනා ආසාදිතයන් සිටින බවට දැන්වීමක් හෝ අලවා නොමැති බවත් එම තත්ත්වය ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාවට විශාල තර්ජනයක් බවත් ප්‍රදේශවාසීහු පවසති.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් වී දින කිහිපයක් ගත වී තිබුණ ද පානදුර සෞඛ්‍යය බලධාරී ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් සිටින නිවෙස්වලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ නොමැති බවත් එම නිවෙස්වල සිටින ආසාදිතයන් නොවන පුද්ගලයන් ප්‍රදේශය සැරිසරමින් සිටින බවත් ප්‍රදේශවාසීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි ජීවත් වෙන්නේ කොරෝනා එක්ක. ඒ නිසා මේක ගණන් ගන්න එපා. අද ඉඳලා නිදහස තවත් වැඩියි. සම්බාහන මධ්‍යස්ථානත් ඇරලා. මගුල් ගන්න පුළුවන්. අපි ජොලියේ කොරෝනා එක්ක සහයෝගයෙන් ඉමු.
මෙම තොරතුරු සපයන්න කොරෝනා ආසාධිතයින් පිටුදැකීමට උත්සාහ දරන බව පෙනෙනවා. තම වගකීම ඉටුකරමින් නිවෙසට වී හැකිතාක් කල් ගතකරන ලෙස දන්වමි. මින් ගැලවීමට අනුන් හුවා දක්වමින් ක නොහැක. ආරක්ෂා වන්න. අනිකුත් අයත් දැනුවත් කරන්න. නැතහොත් ඔබද මීට ගොදුරුවීමට හෝ නොවීමට විශේෂ හේතුවක් සොයාගැනීමට ලොවටම නොහැකි වී ඇත.