
(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන මූල්‍ය රක්ෂණ ආයතනයක ශාඛාවක් අද(10) වසා දැමූ බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.එස්.කේ.වික්‍රමගේ මහතා පැවසීය.
එම ආයතනයේ 5දෙනෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබිණි. එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 50 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කළ බව සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.
ආසාදිතයන් නාවලපිටිය, කැටබුලාව, රඹුක්පිටිය, වැලිගම්පල කොළපතන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ. එක් ආසාදිතයෙකු නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබාගැනීමට ගොස් ඇති නිසා එම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය වෛද්‍යවරයා සහ එම කාර්යය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කර එම වෛද්‍ය මධ්‍යස්ථානයද තාවකාලිකව වසා දැමු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේය.
ආසාදිතයන් 5දෙනාගෙන් දෙදෙනෙකු දින කිහිපයකට ප්‍රථම නාවලපිටිය නගරයේ ආසන්නයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවටද තහවුරු වී ඇති බවත්, එම ආශ්‍රිතයන්ද සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
එම මුල්‍ය රක්ෂණ ශාඛාවේ සේවකයන් 20 දෙනෙකුගෙන් සමන්විත බවත්, එම මුල්‍ය රක්ෂණ ශාඛාව අයත් ආයතනය කළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව 5දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවලපිටිය මූල්‍ය රක්ෂණ ආයතනයක් වසාදමයි