
(ඉන්දිකා රාමනායක)
පොළොන්නරුව ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙකු අද (31) ඉන් පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
මෙලෙස පළාගොස් ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ සිට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා මෙම මධ්‍යස්ථානයේ වෙත යොමු පිරිසක් බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මොවුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව ද හෙතෙම කියා සිටියේය .
පලාගිය පිරිස වයස අවුරුදු 52,32,26,23,22 යන වයස්වල පසුවන්නන් බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව ප්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd