(ආනන්ද ඉ ජයකොඩි)
ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති විසි දහසකට වැඩි පිරිසක් අද (30) උදෑසන වන විට නිවාස වලම සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපති ඇස් ඒ යූ ටී කුලතිලක මහතා පැවසීය.
එම රෝගීන් ගණනට දිනපතාම අලුත් රෝගීන් එකතු වන බවද උප සභාපතිවරයා කීය.
මේ තත්ත්වය ඉදිරියේදී පාලනය කළ නොහැකි තත්වයකට පත් වුවහොත් සෞඛ්‍ය අංශ දැඩි අසීරු තත්ත්වයකට පත් වන බවද උප සභාපතිවරයා කියා සිටියේය.
එම රෝගීන් ගේ අධීක්ෂණය සදහා වෛද්‍ය වරුන් පිරිසක් යෙදී සිටින බවත් පෙර පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට එම රෝගීන් අධීක්ෂණය කිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති නමුත් බරපතල තත්වයක් මතුවන රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හැකි මට්ටමින් දායක වන බවද හෙතෙම සඳහන් කළේය.
එවැනි රෝගීන් පිළිබඳව කෙටි පණිවුඩ ලැබෙන පරිදි ප්‍රමුඛ තාවය අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත් වන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ සංගමයේ උප සභාපතිවරයා කීය.
COMMENTS
නිවෙස්වල නිරෝධායනය වෙන කෝවිඩ් රෝගීන්ට සහ ආශ්‍රිතයින්ට ආගමික ස්ථානවලින් කරන ලවුඩ්ස්පීකර් වතාවත් මහත් හිරිහැරයක්... උදේ පාන්දර සහ සවස ගෙවල් දෙදරන්න ලවුඩ්ස්පීකර් ක්‍රියාත්මක කරනවා. නීතිය ක්‍රියාත්මක කරන්න. මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න. රටේ හැමතැනම මෙය දැන් ප්‍රශ්නයක්..
දේවින්ද මහත්තයාගේ අදහස මමත් අනුමත කරමි. කරුණාකර උදේ පාන්දර 4-5ට ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් දමාගෙන කරන කරදරය නවත්වන්න.