IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


උපකාරක පන්ති නවත්වයි

රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම සැළකිල්ලට ගනිමින් එක් එක් ප්‍රදේශයන්හි ක්‍රියාත්මක වන පෞද්ගලික උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු නවතා දැමීමට ප්‍රාදේශීය වශයෙන් තීරණය කෙරෙමින් පවතී.

එහි මුල්ම පියවර වශයෙන් වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම  උපකාරක  පන්ති අද (7 ) සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නියම කළේය.

ඒ අනුව වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත, නාරම්මල ආදි ප්‍රධාන නගර ඇතුළු නගරවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

පැතිර යන කොරෝනා වයිරසය අවදානම හමුවේ සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරිම පිණිස රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නැවැත්වීමටද රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව තීරණය කර තිබේ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්දන කාර්යය කාධක බලකා කමිටුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී රැස්විය. රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස්,  ආරක්‍ෂක,  රාජ්‍ය,  පළාත් රාජ්‍ය, සංස්ථා, දෙපාර්තමේන්තු, ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

ඒ අනුව නැවත දැනුම් දෙනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති නොපැවැත්වීමට කමිටුව තීරණය කරනු ලැබීය. එසේම පහ වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත විභාග මධ්‍යස්ථාන සියල්ලම විෂබීජානුහරණය කිරිමට ද තීරණය කෙරිණ.

සබැඳි

රත්නපුර  දිස්ත්‍රික්කයේ උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි

කුරුණෑගල  සියලුම උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි

මධ්‍යම පළාතේ උපකාරක පන්තිත් තාවකාලිකව නවත්වයි

 



අදහස් (1)

උපකාරක පන්ති නවත්වයි

malaka Wednesday, 07 October 2020 06:05 AM

ලොකු දෙයක්... සදහටම වහලා දාන්න පුළුවන් නම් හොඳ සමාජයක් බිහිවෙයි අනාගතයේදී...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site