(පුෂ්පකුමාර ජයරත්න )
රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති හෙට (7) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නියම කළේය.
උද්ගතව පවතින කොරෝනා වසංගත අවදානම සම්බන්ධයෙන් වයඹ පළාත තුළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (6) පළාත් සභාවට කැඳවා තිබූ රාජ්‍ය නිලධාරීන්ගේ හමුවකදී ආණ්ඩුකාරවරයා මේ සඳහා වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන මහතාට උපදෙස් ලබා දුන්නේය.
ඒ අනුව හෙට (7) දින සිට වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත, නාරම්මල ආදි ප්‍රධාන නගර ඇතුළු නගරවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.
වයඹ පළාත් සභාවේදී පැවති මෙම සාකච්ඡාවට වයඹ පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා, වයඹ පළාත සහ කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද සහභාගි වූහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.