ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (20) මිලියන නවය ඉක්මවා ගියේය. අවසන් පැය 24 දී වයිරස ආසාදිතයන් 45,882 දෙනකු හඳුනාගත් බවත් ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,004,365ක් දක්වා ඉහළ ගිය බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළේය.
කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන නවය ඉක්මවා ගිය දෙවැනි රට වන්නේ ඉන්දියාවයි. වයිරස ආසාදිතයන් මිලියන නවය ඉක්මවා ගිය අනෙක් රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.
ලොව තවමත් වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඉන්දියාව එහි දෙවැනි තැන පසුවෙයි. ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර එහි උච්ඡතම අවධියට පැමිණියේ ය.
කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ක්‍රමිකව අඩු වෙමින් තිබේ.
ඉන්දියාවෙන් අවසන් පැය 24 දී වයිරස ආසාදිතයන් 584 දෙනකු හඳුනාගත් අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 132,162ක් දක්වා ඉහළ ගියේය.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දියාවේ ආසාදිතයන් මිලියන 9 ඉක්මවයි