IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


මැණික් මුදලාලිගේ නිවෙස අවි ගබඩාවක්වීමේ රහස

මැණික් වෙළෙඳාමට තුවක්කු සම්බන්ධ වන්නේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් බේරුවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ ස්වයංක්‍රීය ගිනි අවියක් අැතුළු ගිනි අවි 13ක් සොයාගනු ලැබීමේ පුවත දැකීමෙන් මැණික් වෙළෙඳාමත් ගිනිඅවිත් අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි කෙනකුට සැකපහළ වීමට ඉඩ තිබේ. ගිනිඅවි පමණක් නොව ඒවාට යොදන උණ්ඩ 1500ක් ද ඔහුගේ සුවිසල් මැඳුරේ තිබී සොයාගැනීම එවැනි සැකයක් පවතී නම් එය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වෙයි.

අපගේ ලංකාදීප පුවත්පත පසුගිය සඳුදා (10) සිය ප්‍රධාන පුවතින් හෙළිකර තිබුණේ බේරුවල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවෙසේ සඟවා තිබූ පාකිස්තානයේ නිෂ්පාදිත ගිනිඅවි 13ක් සමඟ උණ්ඩ 1500කට අධික ප්‍රමාණයක් මතුගම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන බවය. අසීමිත මුදල්, අනවසර ගිනිඅවි සමඟ ඊළඟට කියැවෙන නමක් වෙන්නේ මත්කුඩුය. මේ වැටලීමේදී එයද සනාථ කරමින් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 20ක් ද පොලීසියට එහිදී සොයාගත හැකිව තිබේ. වැඩේ ඉතාම බරපතළ බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.

ගිනිඅවියක් කෙනකු අතදරන්නේ, ළඟ තබාගන්නේ කුරුල්ලන්ට වෙඩි තැබීමට නොවේ. එවැනි පුද්ගලයන් ද සිටිය හැකි නමුත් සෙල්ලම් තුවක්කුවක් හැර වෙනත් ප්‍රබල ගිනිඅවි කෙනකු තම සන්තකයේ තබාගන්නේ එක්කෝ වන සතුන් වෙඩි තබා මරාදැමීමටය. නැතහොත් මිනීමැරීමටය. එසේම මිනීමරු පාතාල කල්ලිවලට ගිනිඅවි කුලියට දෙන අලෙවි කරන පිරිසක් ද මේ රටේ වෙසෙති. එයද මැණික් වෙළෙඳාම තරම්ම අධික ලාබ ගතහැකි ව්‍යාපාරයකි. එකම වෙනස මැණික් වෙළෙඳාම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැදගත් නීත්‍යනුකූල ව්‍යාපාරයක් වනවිට පාතාලයට අවි විකිණීම හෝ කුලියට දීම නීතිවිරෝධී බරපතළ අපරාධයක් වීමය. බේරුවල මැණික් ව්‍යාපාරිකයා මේ දෙකම කරගෙන යමින් නීත්‍යනුකූලව සහ නීතිවිරෝධීව යන දෙආකාරයටම මුදල් හම්බ කළාදැයි සෙවීම පොලීසියට බාරය. සාර්ථක වැටලීමක් සිදුකර තිබෙන මතුගම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයට ඒ කාරණා ටික සොයාගැනීම අපහසු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

අදාළ මැණික් ව්‍යාපාරිකයා පොලීසියට කොටු වී තිබෙන්නේ සඟවා තබාගත් ගිනිඅවි පිළිබඳව ඔත්තුවකට නොව ගෝනකු මරාගෙන සුඛෝපභෝගී මොටර් රථයකින් පැමිණෙන පුද්ගලයකු පිළිබඳව ලැබුණු ඔත්තුවකට අනුව සිදුකළ වැටලීමේදීය. ඔත්තුව හරියටම ලැබීම හේතුවෙන් බදුරලිය, ලත්පඳුර ප්‍රදේශයේදී වාහනය සමඟ සැකකරුවෝ දෙදෙනා කොටුකරගනු ලැබූහ. වාහනයේ ඩිකියේ මරා දැමූ ගෝනාද, එම සත්ව ඝාතනය සිදුකිරීමට යොදාගන්නා ලද බෝරදොළහේ ගිනිඅවිය සහ පතරොම් ද ජීව උණ්ඩ ද සොයාගැනීමට හැකිව තිබේ. ගෝන මස් සමඟ රසවත් කෑමක් වෙනුවට සිරබත් කෑමට සැකකරුවන්ට සිදුව ඇත්තේ පොලීසියේ වැටලීම හේතුවෙනි. එසේම නිවෙසේ සඟවා තබාගෙන තිබූ ඉතිරි ගිනිඅවි සොයාගැනීමට හැකිවී තිබුණේ පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවය. කිසිදු බලපෑමකට යටනොවී මේ වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රශංසාව හිමිවෙයි.

සොයාගත් ගිනි අවි අතර තිබූ එක් අවියක් ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් බවටද හඳුනාගෙන තිබේ. මෙය අයිතිකරු දැනට ද සිටින ප්‍රභූ පුද්ගලයකු නම් මේ සැකකාර ව්‍යාපාරිකයා බේරා ගැනීමට පොලීසියට මේ වනවිට දුරකතන ඇමතුම්වලින් බේරුමක් නැති තත්ත්වයක් ඇතිවීමට ද තිබේ. ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය තමන්ට ලැබුණේ මියගිය පියාගෙන් යැයි සැකකරු පවසා තිබිණි. එහෙත් මේ ගිනිඅවිය මැණික් වෙළෙන්දකුගේ නිවෙසේ අවි ගබඩාවකට පැමිණීමට විශේෂ හේතුවක් තිබිය යුතුය. එය සොරකම්කොට අංකය මකනලද එකක් නොවේ නම් එහි අයිතිකරු කවුදැයි හඳුනාගැනීම ප්‍රභූ ආරක්ෂක බළකායට අමාරු නැත. එවැනි තොරතුරු හැකි ඉක්මනින් සොයාගැනීම මේ අවි ගබඩාවේ සෙසු අයිතිකරුවන් කවුදැයි හඳුනාගැනීමට උපකාරී වනු ඇත.

අප මුලින්ම සඳහන් කළාක් මෙන් මැණික් වෙළෙඳාමත් අවි ගබඩාවක් තබා ගැනීමත් අතර පවතින සම්බන්ධතාව වහාම හෙළිකර ගැනීම අවශ්‍යය. විනෝදයට දඩයමේ යාමත් අහිංසක සතුන් මරා දැමීමත් පුරුද්දක් වශයෙන් කරන සල්ලිකාරයන් මේ රටේ සිටින බව රහසක් නොවේ. එහෙත් එසේ සතුන් දඩයමේ යාමට වුවද අවි ගබඩාවක් පවත්වා ගැනීමට අවශ්‍ය නැත. එසේ නම් මොහු මේ ගිනිඅවි පාතාලයේ කොන්ත්‍රාත් මිනීමැරුම් සඳහා කුලියට හෝ සින්නක්කරවම ලබාදෙන පුද්ගලයකු විය හැකි යැයි සාධාරණ සැකයක් මතුවෙයි. නැතහොත් වෙනත් බරපතළ අපරාධ සඳහා ඔහුම යොදාගන්නවා විය හැකිය. එසේත් නැත්නම් විනෝදාංශයක් වශයෙන් ගිනිඅවි සහ ජීව උණ්ඩ එකතු කරන පුද්ගලය වියහැකිය. එවැනි විනෝදාංශයක අවසානය සිරගෙදරය. ඒ බව දැන දැනත් එය සිදුකරන පුද්ගලයෝ නම් විරල වෙති. වහාම මේ පුද්ගලයාත් ගිනිඅවි ගබඩාවත් අතර පවතින සම්බන්ධතාව හෙළිකර ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි. ලංකාවේ දෙවැනියට ලොකුම මත්කුඩු තොගය ගොඩබෑමට නියමිතව තිබුණේ ද බේරුවලට බවත් මෙහිදී සිහිපත් කිරීම අවශ්‍යය. මත්කුඩු ජාවාරම සහ ගිනිඅවි අතර ඇත්තේ ගහට පොත්ත මෙන් දැඩි සම්බන්ධයකි.



අදහස් (1)

මැණික් මුදලාලිගේ නිවෙස අවි ගබඩාවක්වීමේ රහස

Lal Friday, 14 December 2018 01:47 PM

ඒ වුණාට රනිල් නැවත බලයට පැමිණි විගස මැනික් මුදලාලී ගොඩ.

:       0       211

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 823 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 357 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site