IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


නිවසේ සිට ප්‍රතිකාර ගන්නා කොවිඩ් රෝගියකු, රෝහල්ගත විය යුතු අවස්ථා

නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට සනාථ ⁣කොට , වෛද්‍ය උපදෙස් මත සිටිනා කොවිඩ් රෝගියකු විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. එබැවින් ඒ අවස්ථා මඟ නොහැර හඳුනා ගෙන වෛද්‍ය නිර්දේශ මත හැකි ඉක්මනින් රෝහල් ගත වීම උචිත වේ.

රෝහල් ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමට යම් පිළියමක් ලෙසත් , සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගෙන යනු පිණිසත් නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි. එම වැඩපිළිවෙළ යටතේදී රෝගියා ⦾ උපරිමයෙන් විවේක ගැනීම,

⦾ ප්‍රමාණවත් ලෙස ජලය උණුවෙන් පානය කිරීම,

⦾ පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් ගැනීම,

සහ ⦾ රෝගය උත්සන්න වන බවට වන ලක්ෂණ පිළිබඳ අවධානයෙන් සිටීම ඉතාම වැදගත්ය.

විවේකීව සිටියදී හෝ අඩි දහයක් දොළහක් පමණ ඇවිද යද්දී හති වැටේ නම් හෝ හුස්ම ගැනීමට අපහසු බවක් දැනේ නම්, එය එම රෝගියා වහාම රෝහල්ගත කළ යුතු තත්ත්වයක සිටින බව පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණයකි. අට වාරයක් - දහ වාරයක් පමණ පුටුවකින් හිඳ ගැනීම හා නැගිටීම සිදුකිරීම හෝ වෙනත් සුළු ව්‍යායාමයක දී හතියක් ඇතිවේ දැයි පරික්ෂා කිරීමත් මෙහි දී කළ හැකියි.

රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය මැනිය හැකි pulse-oximeter උපකරණයක් නිවසේ ඇත්නම් එය ආධාරයෙනුත් අපට රෝගියාගේ තත්වය ගැන අදහසක් ලබාගත හැකිවේ. මෙවැනි අවස්ථාවක සිරුරේ ඔක්සිජන් සාන්ද්‍රණය 96% ට වඩා අඩු අගයක් ගන්නා බවට පෙනේනම් වහාම රෝහල්ගත වීමට කටයුතු කළ යුතුය. එවන් උපකරණයක් නැතිනම් පෙර කී අවදානම් ලක්ෂණ පමණක් සලකා බලා වුවත් රෝහල්ගතවීම ගැන වෛද්‍ය උපදෙස් වෙත යොමු වීම ඉක්මනින් කළ යුතුයි.

මෙයට අමතරව,

⦾ නිතර පවතින පපුවෙහි බර ගතිය හෝ පපුවේ වේදනාව

⦾ තොල කට වියළී යාම, මූත්‍රා පිටවීම අඩු වීම වැනි විජලනයේ ලක්ෂණ

⦾ සිහි කල්පනාව වෙනස් වීම

යනාදී රෝග ලක්ෂණ ද කොවිඩ් ආසාදිතයෙකු වහාම රෝහල් ගත යුතු අවස්ථාවට පැමිණ ඇති බව පෙන්වන මූලික ලක්ෂණ වේ.

එමෙන් ම, රෝගියා මුල සිට පෙන්නුම් කළ රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුණු වීම හෝ අසාමාන්‍ය ලෙස කල්පැවතීමක් සිදු වේ නම් එවැනි රෝගීනුත් රෝහල් ගත කිරීම පිළිබඳ සලකා බැලීම සිදු වේ. මෙවන් අවස්ථාවකට ඔබ හෝ ඔබ විසින් රැක බලාගන්නා කොවිඩ් ආසාදිත රෝගියා පත්වුවහොත් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම ඉතා වැදගත්. මේ හැර උණ සහ අනෙකුත් සුළු රෝග ලක්ෂණ සඳහා නියම කෙරෙන ඖෂධ නිවසේ සිටම ලබාගැනීම කළ හැකියි.

ඉහත සඳහන් කළ කිසිම රෝග ලක්ෂණයකින් හෝ සරල පරීක්ෂාවකින් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව නිගමනය කළ නොහැකිය. රෝග නිශ්චය කළ හැක්කේ වෛද්‍ය උපදෙස් මත නිසි අවස්ථාවේ සිදු කෙරෙන PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් පමණක් බවත් මෙහි දී අවධාරණය කළ යුතුයි.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබා දුන් තොරතුරු ඇසුරින් සැකසිණි.)

-සටහන - මාධවී ධර්මරත්න.

 



අදහස් (0)

නිවසේ සිට ප්‍රතිකාර ගන්නා කොවිඩ් රෝගියකු, රෝහල්ගත විය යුතු අවස්ථා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30980 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13121 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10939 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 869 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 908 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site