මස්කෙළියට දින නවයකින් පෙට්‍රල් නෑ මස්කෙළිය නගරයේ පිහිටි එකම ඉන්ධන පිරවුම් හලට දින 09 කින් පෙට්‍රල් නොලැබුණු බව පවසමින් මස්කෙළිය ප්‍රදේශයේ ත්‍රීවිල් රථ රියදුරෝ මස්කෙළිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 25 June 2022
කතගේ ලැමෙන් කෝටියක රන් මතු වේ රුපියල් එක් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බ රේගු නිලධාරීහු පවසති. 25 June 2022
එකට බීලා මරා වැසිකිළිවළේ දාලා මහරගම නාවින්න නිවාඩු නිකේතනයක් පිහිටි භූමියකදී ඉස්කැවේටර් රියදුරකුට පහරදී ඝාතනය කර වැසිකිලි වළක සැඟවූ බව කියන මුරකරුවකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි 25 June 2022
හිටපු ලොක්කෝ ජනපතිගෙන් තනතුරු ඉල්ලති ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා මුණගැසී තනතුරු ඉල්ලා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 25 June 2022
ආහාර වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනයට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග දහයක් විවෘත ඇණවුම් ක්‍රමය යටතේ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට රජය අවධානය යොමු වී ඇත. 25 June 2022
නව දේශපාලන පක්ෂයක් ළඟදීම කරලියට දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයක් ලබන මාසයේ දී පමණ එළි දැක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි 25 June 2022
චීන තානාපති-මහින්ද මහතා අතර හමුවක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා වේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා අතර හමුවක් ඊයේ 24 පැවැත්විණ 25 June 2022
දරුවන්ගේ මන්දපෝෂණය වාර්තාගත ලෙස ඉහළට ආහාර හිඟය නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සියයට 20 කින් පමණ වැඩිවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 25 June 2022
ලබන සතියේ පාසල් පවත්වන්නේ මෙහෙමයි ලබන සතියේ දී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. 25 June 2022
ඇමෙරිකානු නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (26) සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (25) නිවේදනය කළේය. 25 June 2022
ඩොලර්වලට තවත් සීමාවක් ශ්‍රි ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට ළඟ තබාගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඇ:ඩො:15,000 සිට 10,000 දක්වා අඩු කිරිමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 25 June 2022
සෞඛ්‍යට තෙල් දෙන්න තවත් ෂෙඩ් දහයක් සෞඛ්‍ය අංශ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා වෙන්කෙරෙන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 25 June 2022
ශ්‍රී ලංකන් විකුණයිද? ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත. 25 June 2022
හැටන් නගරයෙන් කොළඹ මාර්ගය වසයි හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලකින් භුමිතෙල් මිල දි ගැනිමේ අපෙක්ෂාවෙන් පොලිම් වල රැදි සිටි දෙදහසක් පමණ පාරිභෝගිකයෝ පිරිසක් ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ 25 June 2022
ඉන්ධන තොග ලග තබාගත් සැකකරුවෙකු දැලේ බලපත්‍ර නොමැතිව ඉන්ධන ලීටර් 630 ක ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටී සැකකරුවෙකු යාපනය මනිපායි ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට මගින් අත්අඩංගුවට ගෙන ඇත . 25 June 2022
ත්‍රිරෝද රියැදුරා මරා කැසට්ටුව සොරාගෙන ගල්කිස්ස තෙලවල ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පුද්ගලයකු පැහැර ගෙන ගොස් ඝාතනයකර , ත්‍රිරෝද රථයේ සවිකර තිබූ කැසට් රෙකෝඩරය සහ, බෆල් දෙක සොරාගත් සැකකරුවෙකු ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් තෙලවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 25 June 2022
වෙල්ගමට පහරදුන්නැයි තවත් අයෙක් අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයාට කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුමේදී පහර දී තුවාල සිදු කොට, ඔවුන් ගමන් ගත් මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 25 June 2022
සහල් සහ වී ගැන පාරිභෝගිකයෙන් ගැසට්ටුවක් සහල් හෝ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙලින්ම හෝ අනියමින්යොදා ගැනීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 25 June 2022
ඇත්දළ සමග අයෙක් සැකපිට ඇතුන් මරා දළ යුගලයක් සන්තකයේ තබාගෙන සිටි බව කියන 42 හැවිරිදි පුද්ගලයකු මඩකළපුව කල්අඩි, වේලූර්, ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂකාර්ය බලකාය පවසයි. 24 June 2022
ලංගමට දහස් ගණනක් හොරපාරෙන් අරන් වැටුප් ගෙවලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2017 වර්ෂයේදී නිසි අනුමැතියකින් තොරව සේවකයන් දහස් ගණනක් බඳවාගෙන වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත. 24 June 2022
අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පත් කර සිටින නියෝජිත පිරිස අද (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. 24 June 2022
දස ලක්ෂයකට ඉඩම් ඔප්පු දෙයි ඉඩම් හා නිවාස අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ ලාංකිකයන්ට එම අයිතිය නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 June 2022
පෙට්‍රල් නැව දින නියමයක් නැතුව ප්‍රමාද වෙයි ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පස්වරුවේ පැවසීය. 24 June 2022
ධම්මික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය. 24 June 2022
කම්කරු පනත් දෙකට කතානායකගේ සහතිකය පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සදහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ (23) සටහන් කළේය. 24 June 2022
මන්ත්‍රී ජගත් කුමාර ගෙන් අගමැතිට ලිපියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන ඇත්නම් එම තීරණය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 24 June 2022
පෙට්‍රල් නැවට බාලගිරි දෝෂයද? ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව අද (24) පස්වරුව දක්වා ශ්‍රී ලංකාවට ළගා නොවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 24 June 2022
මැලේරියාව යළි හිස ඔසවයි ද මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 24 June 2022
ලිට්රෝ ගෑස් 6 දා තෙක් නෑ ලිට්රෝ ගෑස් සමාගමට ලබන ජූලි මස 6 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සැපයීමට නොහැකි බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 24 June 2022
අරගලයේ සිව් දෙනකුට ඇප:රැට්ටා සහ ළහිරු යළි රිමාන්ඩ් පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පීන් වන ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි ඇතුළු සිව්දෙනකු අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24 ) නියෝග කළේය. 24 June 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026