IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


සෞඛ්‍යට තෙල් දෙන්න තවත් ෂෙඩ් දහයක්

(සුජිත් හේවාජුලිගේ )

සෞඛ්‍ය අංශ සේවකයන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා වෙන්කෙරෙන  ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 84 ක් දක්වා ඉහළ දැමීමට රජය  තීරණය කර ඇත.

සෞඛ්‍ය අංශ සේවකයන් සඳහා මෙතෙක් වෙන් කෙරුණු  ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 74 කි.

මේ අතර  ඉන්ධන පිරවුම්හල් සඳහා ඩීසල් සහ පෙට්‍රල්   ලීටර් 6600 බැගින්  බෙදාහරින ලෙස බලශක්ති  අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම්දී ඇත



අදහස් (13)

සෞඛ්‍යට තෙල් දෙන්න තවත් ෂෙඩ් දහයක්

Sunil Saturday, 25 June 2022 11:15 AM

කුසුම කුමට ළංවී තෙල් ගන්න බැරි...

:       1       2

Sam Saturday, 25 June 2022 11:33 AM

සෞඛ්‍ය අංශ සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතා බදු මුදලින්. ඒ වුණාට ජනතාවට අන්තිමට සලකනවා. එහෙනම් ටැක්ස් ගෙවන හැමෝටම මේ අවස්ථාව දෙන්න...

:       15       13

SL Saturday, 25 June 2022 01:00 PM

ලංකාවේ සිද්ධ වෙන්නෙම එක එක පැලන්ති වලට එකඑක විදියට සලකන එක. සාධාරණ ලෙස ජීවත් වෙන්න හදන එකාට හැම දාම හුලං.. ඔන් කෝල් ඉන්න දොස්තරලාට ඉන්න නේවාසික පහසුකම් හදලා තියෙනවා. නර්ස්ලා වැඩ කරන්නේ පැය 6-8, ඒ අයට පොදු ප්‍රවාහනය අකැපද? ඔය තෙල් ගෙනෙන්න ඩොලර් හොයන මිනිස්සුන්ට වෙනම පෝලිමක් දෙනවාද? කරුණාකර , ව්‍යාපාරයකට අවශ්‍ය ඉන්ධන ප්‍රමුඛතාව හැර ඉතිරි සියල්ලට සාධාරණ ලෙස කූපන් ක්‍රමයකින් බෙදන්න. මේක මහා කාලකන්නි රාජ්‍ය සේවයක් තියෙන රටක්.. හැම දෙයක්ම ඔවුන්ට බෙදාගෙන පුද්ගලික අංශවලින් හොයලාදෙන ඩොලර් ටිකෙන් දෙන පෙට්‍රල් ටික ඉස්සරවෙලා ඔවුන් බෙදාගන්නවා. බදු ගෙවන, ඩොලර් හොයලා දෙන අයට හැකිතරම් පීඩනයක් දෙනවා..!

:       18       16

කුහක දොස්තර Saturday, 25 June 2022 01:58 PM

ඒක තමයි. අපිට එහෙම තෙල් එපා... පෝලිමක් දවස් 4ක් 5ක් පාඩුවේ ඉඳලා තෙල් ගහගෙන එන්නම් ලෙඩ්ඩු වූ විට බේත් දෙන්න. පවුලේ කෙනෙක්ට අසනීපයක් හැදුණොත් තෙල් පෝලිමට අරන් එන්න...!

:       6       17

himali Saturday, 25 June 2022 02:12 PM

ටැක්ස් ගෙවන හැමෝටම මේ අවස්ථාව දෙන්න...

:       4       6

BamunuarachchiSunday, 26 June 2022 07:49 AM

එහෙම අවශ්‍යතාවය දීලා තිබෙන නිසානේ පෝලිමේ ඉන්නේ? එකම දේ ගන්න එකවර දෙදෙනෙක් ආවොත් එතැන පෝලිමක්...!

:       0       0

sam Saturday, 25 June 2022 03:33 PM

ලෙඩෙක් ඉස්පිරිතාලෙට අරන් යන්න තෙල් නැති වෙද්දී, දොස්තරට ඉස්පිරිතාලෙට යන්න තෙල් දීලා වැඩක් තියනවද?

:       9       14

reks Saturday, 25 June 2022 05:28 PM

හරියට හරි සෑම් මහත්තයෝ.., දොස්තරලා කියන්නේ ලෙඩ්ඩු බලන්න... නලාවයි, අනෙක් ලට්ටපට්ට ටිකයි කාර්එකේ දාගෙනම තෙල් පෝලිමේ ඉන්න කියලා. එතකොට ඔයාගේ කවුරුහරි ලෙඩ වුණාම කරන්න තියෙන්නේ ලෙඩා ළඟම තියෙන තෙල් පෝලිමට අරන් යනඑක විතරයි.

:       4       10

ramsi Saturday, 25 June 2022 05:36 PM

ඒක නම් හරි ෂෝක්, එතකොට ඔයාගේ නෝනාට බබා හම්බවෙන්න ආවොත් ළඟම තියෙන තෙල් පෝලිමට අරන් යන්න. මොකද එතකොට දොස්තරලා, නර්ස්ලා, ඇටෙන්ඩන්ට්ලා, මිඩ් වයිෆ්ලා ඔක්කොම එතැන ඉන්නවනේ...

:       5       5

lakvidu Saturday, 25 June 2022 05:42 PM

හැම තෙල් පෝලිමක් ළඟම ජංගම රෝහලක් හදමු. එතකොට තෙලුත් ගහගෙන, බේතුත් අරගෙන යන්න පුළුවන්...

:       5       4

mp Saturday, 25 June 2022 08:26 PM

ඒ අයත් ඉපදිලා තියෙන්නේ අනිත් අය ඉපදුණු විදිහටමනේ... ඉතින් ඇයි මේ විශේෂයක්...?

:       2       5

BamunuarachchiSunday, 26 June 2022 07:46 AM

එය කරන සේවය ඔබෙන් වෙනවාද?

:       0       0

Bamunuarachchi Sunday, 26 June 2022 07:45 AM

සෞඛ්‍ය සේවකයින් හිතවතුන්ගේ වාහන අරගෙන ගිහිල්ලත් ඉන්ධන ලබාගනී නේද? එය වළක්වන්න ක්‍රම අරන් නැද්ද? ඔය මිනිස්සුත් සතේකට විශ්වාස කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 232 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 232 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site