(නිමන්ති රණසිංහ)
පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රංගන ශිල්පීන් වන ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි ඇතුළු සිව්දෙනකු අයකුට රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (24 ) නියෝග කළේය.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරුන් තම සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙසට ඉල්ලමින් අධිකරණය හමුවේ ගොනු කළ මෝසම් පත්‍රයක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව මෙලෙස ඇප මත මුදා හැරුණු අනෙක් දෙදෙනා වන්නේ සමාජ ක්‍රියා ක්‍රියාකාරිකයකු වන ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන අයවලුන් ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සමාජ ක්‍රියාකාරී රවිඳු සේනාරත්න නොහොත් රෑට්ටා සහ ළහිරු වීරසේකර යන අය සම්බන්ධයෙන් මෙම අධිකරණය හමුවේ මෙවැනිම සිදුවීම් සම්බන්ධයෙන් නඩු පැවතීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කළේය.
ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා ලබන 7 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කූඩු කරපු එක හොඳයි... දැන් ඒගොල්ලෝ අරගලේ කරන්නේ ආණ්ඩු පන්නන්න. පාලනේ වෙනස් කරන්න නෙවෙයි. කූඩුවේ ඉන්න කට්ටිය එළියට ගන්න. යන්තම් ඇති වලෙන් බේරුණා.
මොකටද ඇප දුන්නේ..? දවස් 14ක් බලුකූඩුවේ ලග්ගවන්න එපායෑ. මේ ගොල්ලන්ගේ අරගලේ රටේ ආර්ථිකේ හදන්න නෙමෙයි. ජේවීපී එකටයි, පෙරටුගාමීන්ටයි බලේ ගන්න කොන්ත්‍රාත් එකක්...!
රට්ටල, බට්ටිලා ඔක්කොම ඇපනොදී හිරකරන්න ක්‍රමයක් හදන්න. මොවුන් සමාජයට පිළිකාවක්...